Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ ටර්ක්මන් රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අත්සන් කළ සහයෝගිතා ගිවිසුම ටර්ක්මෙනිස්තාන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ ජයග්‍රහණ ලැයිස්තුවට ඇතුළත් වේ

发布时间:2023-02-11

චීන ජනාධිපති Xi Jinping මහතාගේ ආරාධනයෙන් ටර්ක්මෙනිස්තාන් ජනාධිපති Serdar Berdimuhamedow මහතා 2023 වසරේ ජනවාරි මස 5 වන දින සිට දෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය හා ටර්ක්මන් රාජ්‍ය විශ්වවිද්‍යාලය (Turkmen State University named for Magtymguly) අතර සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් කෙරිණ. මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස ටර්ක්මෙනිස්තාන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ ජයග්‍රහණ ලැයිස්තුවට ඇතුළත් විය.

ජනවාරි මස 6 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති Yang Dan මහතා සහ චීනයට පැමිණි ටර්ක්මන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සභාපති Baýramgül Motyýewna Orazdurdyýewa මහතා විසින් එම විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීය. චීනය සහ ටර්ක්මෙනිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 31 වැනි සංවත්සරය මෙම වසරට යෙදෙන අතර, මෙය Berdimuhamedow ජනාධිපතිතුමා 2022 මාර්තු මස ජනපති තනතුරට පත්වීමෙන් පසු සිදු කෙරෙන ප්‍රථම චීන නිල සංචාරයයි.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය මේ වන විට ටර්ක්මන් භාෂාව උගන්වන චීනයේ එකම විශ්වවිද්‍යාලය වේ. 2018 සැප්තැම්බර මස බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් රුසියානු සහ ටර්ක්මන් ද්විභාෂා අධ්‍යාපනය ලබන ප්‍රමුඛ කණ්ඩායමේ ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂකයන් බඳවා ගන්නා ලදී. 2022 ජුනි මස එම උපාධි අපේක්ෂකයින් ශාස්ත්‍රවේදී උපාධි ලැබීමෙන් පසු චීන-ටර්ක්මෙනිස්තාන් රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රවල සේවය කරනු ඇත. 2022 ජූලි මස බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් පොදු නොවන භාෂා ගුරු පුහුණු සැලැස්ම මඟින් සාර්ථකව තෝරා ගත් පළමු කණ්ඩායමේ ටර්කමන් භාෂා ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයින් නුදුරු කාලයේදී උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා ටර්ක්මෙනිස්තානය වෙත යනු ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC