Beijing Foreign Studies University

BFSU කලාපීය අධ්‍යයන පිළිබඳ විදේශීය විද්වතුන්ගේ දේශන මාලාව පැවැත්වේ

发布时间:2022-09-15

අගෝස්තු මස 16 දින සිට 25 දක්වා, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පාසල විසින් කලාපීය අධ්‍යයනය පිළිබඳ විදේශීය විද්වතුන් විසින් දේශන හතරක් පවත්වන ලදී. මෙහිදී එ්ක්සත් ජනපදය, නයිජීරියාව සහ මාලි යන රටවල විශේෂඥයන් විසින් තම රට සහ කලාපීය දේශපාලනය හා ආරක්ෂාව අළලා මාර්ගගත දේශන පැවැත්වූහ.

එහිදී පළමු දේශනය අමෙරිකාවේ මියාමි විශ්ව විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන පාසලේ මහාචාර්ය ජෝසෆ් උෂින්ස්කි විසින් අමෙරිකානු කුමන්ත්‍රණ න්‍යායන් පිළිබඳ මැයෙන් පවත්වන ලදී.

නයිජීරියාවේ අබුජා විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පාසලේ පීඨාධිපති මහාචාර්ය ෂරීෆ් ඊබ්‍රහිම් විසින් නයිජීරියාවේ දේශපාලන ගතිකත්වය පිළිබඳ දෙවන දේශනය පවත්වත්තම යෙදිණ, ගැඹරු විශ්ලේෂණයක් සිදු කරන ලදී. තුන්වන දේශනයේදී මාලි හි මෑත ඉතිහාසය සමාලෝචනය කිරීම සහ මාලි සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල විකාශනය කෙරෙහි මාලි හි හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය යෝරෝ ඩයල්ලෝ මහතා අවධානය යොමු කළේය. සිව්වන දේශනයේදී, සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ගෝලීය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අධ්‍යයන පාසලේ සහකාර පීඨාධිපති මහාචාර්ය සෝල්ටන් හජ්නර් මහතා අමෙරිකානු දේශපාලනයේ වාර්ගික ගැටලු පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කළේය.

මෙම කලාපීය අධ්‍යයනයන් පිළිබඳ විදේශීය විද්වතුන්ගේ දේශන මාලාව "විවෘතභාවය" සහ "බෙදාගැනීම" අරමුණු කරගත් අතර "සවන්දීම" සහ "සංවාදය" අරමුණු කරයි. ඉලක්කගත රටෙහිම දෘෂ්ටිකෝණයෙන්,චීනයේ කලාපීය රටවල පර්යේෂණ ක්ෂිතිජය පුළුල් වන අතර, චීන ලක්ෂණ සහිත කලාපීය සහ රට අධ්‍යයනයන්හි නව්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදී, එක්සත් ජනපදය, අප්‍රිකාව, යුරෝපය, ලතින් අමෙරිකාව, ආසියාන් සහ අනෙකුත් කලාප සහ රටවල සුප්‍රසිද්ධ විද්වතුන්ට ජාත්‍යන්තර දේශපාලනයේ සහ ජාත්‍යන්තර සබඳතාවල අති නවීන මාතෘකා සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත දේශන පැවැත්වීමට ආරාධනා කරනු ලැබේ.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC