Beijing Foreign Studies University

බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අලුත් අවුරුදු උත්සවයට ආසියා පීඨයේ සිංහල අංශයට ඇරයුම්

发布时间:2022-05-22

2022 අප්‍රේල් මස 17 වන දින, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරාධනාවක් ලැබ ආසියා පීඨයේ සිංහල අංශයේ ගුරුවරුන් තිදෙනෙක්, BA උපාධි අපේක්ෂකයින් සහ MA උපාධි අපේක්ෂකයින් අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූහ.

අප්‍රේල් මාසයේ පැවැත්වෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් උත්සවයන්ගෙන් එකකි. මෙම සාම්ප්‍රදායික උත්සවය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැමරුම් උත්සවයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි. එමෙන් ම බෙයිජිං හි සිටින ශ්‍රී ලාංකිකයන්, චීන හිතවත් පිරිස් සහ චීනයේ අනෙකුත් තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ඇතුළුව 100කට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ. ශ්‍රී ලංකාවට ආවේණික වාරිත්‍රයක් වූ කිරි ඉතිරවීමෙන් මෙම සැමරුම් උත්සවය ආරම්භ විය. ප්‍රථමයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා දේශනයක් ඉදිරිපත් කරමින් ආරාධිතයින්ට උත්සවශ්‍රීයෙන් සුභ පැතුම් පිරිනැමීය. 2022 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා වසර 65ක් සපිරෙන අතර චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරේ. චීන-ශ්‍රී ලංකා මිත්‍ර සම්බඳතාවට දිගු ඉතිහාසයක් පවතින බව සඳහන් කළ තානාපතිවරයා තවදුරටත් පැවසුවේ චීනයේ සහ ශ්‍රී ලංකාවේ මනා අනාගත සංවර්ධනය අපේක්ෂා කරන බවයි.

ඉන්පසුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් බීජිං හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ගීත ගායනා කරමින් නැටුම් නටමින් වැඩසටහන් රැසක් ඉදිරිපත් කළහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සිසුන් "BFSU" සහ "සිංහල" යන වචන සහිත, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අංග ඇතුළත් කරන ලද, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද පන්ති නිල ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන "ඔලු පිපිලා" ගායනා කළහ. එය තානාපතිවරයා ප්‍රමුඛ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ සියලු අමුත්තන්ගේ පැසසුමට ලක් විය.

ඉන්පසු පැමිණ සිටි අමුත්තන් ශ්‍රී ලංකාවේ ආවේණික සිරිත් විරිත් අනුගමනය කරමින් අවුරුදු රසකැවිලි රස බලමින් විවිධාකාර ශ්‍රී ලාංකේය අවුරුදු ක්‍රීඩාවලට සහභාගි වෙමින් අලුත් අවුරුදු උදාව සතුටින් සැමරූහ. සිංහල අංශයේ සිසුන් අවුරුදු ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරී සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ  ආවේණික සංස්කෘතිය එම අවස්ථාවේදී නිරීක්ෂණය කර අත්විඳිමින්, ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සුහද අදහස් හුවමාරු කර ගැනීමෙන් තමන්ගේ සිංහල භාෂා කුසලතා ප්‍රගුණ කළ අතර, අන්තර්ජාතික සංස්කෘතික සන්නිවේදනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාෂාව සහ සංස්කෘතිය ඉගෙනීමට සඳහා වූ ඔවුන්ගේ උද්යෝගය ගැඹුරු විය.



ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC