Beijing Foreign Studies University

ඔලිම්පික් ගිනිසුළ දරන්නෙකු වන දිනිගල් “මිනිස් හිම මත ලිස්සා යාමේ ජන්ම භූමියෙන්” ශීත ඔලිම්පික් උලෙළට පැමිණීම

发布时间:2022-02-08

පෙබරවාරි මස 6වන දින “ටියැන්-ෂන් වෙබ්අඩවිය - ෂින්ජ්‍යං ඩේලි” වාර්තා කළ පරිදි පෙබරවාරි මස 5වන දින පස්වරු තුනයි හතළිස්පහට දිනිගල් ඊලාමුජ්‍යං ඇගේ ජාතික කණ්ඩායම් සාමාජිකා බයානි ජ්‍යාලින් සමඟ බෙයිජිං ශීත ඔලිම්පික් උලෙළේ රට හරහා හිම මත ලිස්සා යාම (Cross-country skiing) තරඟයට සහභාගි වූවාය. “මිනිස් හිම මත ලිස්සා යාමේ ජන්ම භූමිය” නමින් හැඳින්වෙන චීනයේ ෂින්ජ්‍යන් පළාතේ අල්තේ ප්‍රදේශයෙන් පැමිණෙන ක්‍රීඩිකාවන් ශීත ඔලිම්පික් උලෙළට සහභාගි වීමේ ප්‍රථම අවස්ථාව මෙයයි.

4වන දින රාත්‍රියේ ප්‍රධාන ඔලිම්පික් ගිනිසුළ දරන්නන්ගෙන් කෙනෙක් වූ දිනිගල් ඊලාමුජ්‍යං ඇගේ පියා වන ඊලාමුජ්‍යං මුලාජිගේ සිහිනය මල්ඵල ගන්වමින් ජාත්‍යාන්තර මට්ටමෙන් ඉහළ ම තරඟ බිමට පය තැබීමට සමත් විය. මෙම පියා සහ දියණියගේ කතාව ප්‍රකට ඉන්දියානු චිත්‍රපටයක් වන “දන්ගල්”හි එන කතාවට සමානකමක් දක්වයි.

“හරිම සතුටුයි. මට කතා කරන්න බැරි තරම් සතුටුයි. දුව මගේ සියලු හීන සැබෑ කළා!” ඊලාමුජ්‍යං පැවසුවේ ය. චීනයේ වයඹ කලාපයේ ෂින්ජ්‍යන් පළාතේ අල්තේ ප්‍රදේශයේ උපත ලද 20 හැවිරදි දිනිගල් වේගුල් ජාතිකයෙකි. ඇගේ පියා වන ඊලාමුජ්‍යං විශ්‍රාමික රට හරහා හිම මත ලිස්සා යාමේ ක්‍රීඩකයෙකි. දිනිගල් වයස අටේ සිට පියා සමඟ හිම මත ලිස්සා යාම පුහුණු වීම ආරම්භ කළා ය.

දිනිගල්ගේ උපන්ගම වන අල්තේ ප්‍රදේශයේ දුන්දබුලක් නමින් හැඳින්වන ගල් ගුහාවේ වර්ණ සහිත පාෂාණ සිතුවමක් සුරක්ෂිතව තිබේ. එම සිතුවමේ අල්ටයි කඳුපන්තියේ ජීවත් වූ ආදිවාසීන් පුවරු සහ යෂ්ටි භාවිතා කරමින් හිම මත ලිස්සා යන අයුරු දැකිය හැකි ය. විශේෂඥයන්ට අනුව, මෙම සිතුවම අවමයෙන් වසර දොළොස්දහසක් වත් පැරණි අතර එය මනුෂ්‍ය ඉතිහාසයේ හිම මත ලිස්සා යාම පිළිබඳ වූ පැරණිතම සටහන ද වේ.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC