Beijing Foreign Studies University

"හිමාලයානු සංසදය - දකුණු ආසියානු අධ්‍යයනයන්හි නව ප්‍රවණතා" මැයෙන් තරුණ උසස් අධ්‍යයන සම්මන්ත්‍රණයක් BSFU විසින් පවත්වන ලදී

发布时间:2021-12-17

දෙසැම්බර් මස 8 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ උසස් ආයතනයේ හිමාලයානු කලාපීය පර්යේෂණ කණ්ඩායම විසින් "හිමාලයානු සංසදය - දකුණු ආසියානු අධ්‍යයනයේ නව ප්‍රවණතා" මැයෙන් අධ්‍යයන සම්මන්ත්‍රණයක් පවත්වන්නට යෙදිණ. මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සභාපති, පාලන මණ්ඩලයේ උප සභාපති සහ කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ පීඨාධිපති මහාචාර්ය Yang Dan මහතා විසින් දේශනයක් ද පවත්වන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය, පීකිං විශ්වවිද්‍යාලය, චිංහුවා විශ්වවිද්‍යාලය, චීන සමාජ විද්‍යා ආයතනය, චීන නවීන ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනය, බෙයිජිං දෙවෙනි විදේශ භාෂා විද්‍යාලය, සිචුවාන් විශ්වවිද්‍යාලය, යුනාන් සමාජ විද්‍යා ආයතනය සහ අනෙකුත් කීර්තිමත් විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතනයන් හී විද්වතුන් දස දෙනෙකුට වැඩි පිරිසක් මාර්ගගත මෙන්ම මාර්ගගත නොවන ක්‍රමයට ද මෙම අධ්‍යයන සම්මන්ත්‍රණයට සහභාගී වී තම අදහස්  හුවමාරු කර ගත්හ. කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ විධායක උප සභාපති මහාචාර්ය Wang Jianbin මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

දකුණු ආසියාව පිළිබඳ අධ්‍යයනය චීනයට උපායමාර්ගිකව සහ ප්‍රායෝගිකව ද වැදගත්කමක් හිමිවන බව ප්‍රකාශ කළ ඔහු වර්තමාන දකුණු ආසියානු පර්යේෂණයන් හී ඉදිරි දැක්ම ඉතා සාරවත් වන අතර බහුවිධ විද්වතුන් අතර හුවමාරු කරගැනීම සහ බෙදාගැනීම අවශ්‍ය වන බව වැඩිදුරටත් සදහන් කළේය. දකුණු ආසියාව යනු පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව, ගෝලීය භාෂා ප්‍රජාව, ගෝලීය සංස්කෘතික ප්‍රජාව සහ ගෝලීය පාලන අත්දැකීමේ ප්‍රජාව ඒකාබද්ධ ළෙස මූර්තිමත් වන වැදගත් කලාපයක් බවත් අවධාරණය කරමින් අනාගතයේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්වකීය භාෂා ලක්ෂණයන් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන අතර දකුණු ආසියානු අධ්‍යයන සඳහා විශ්වවිද්‍යාලය විසින් ස්වකීය දායකත්වය සපයනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කරන ලදී.


 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC