Beijing Foreign Studies University

2021 වසරේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය විසින් චීන සහ විදෙස් විද්වතුන්ගේ සංසදය පවත් වන ලදී

发布时间:2021-12-17

2021 වසරේ දෙසැම්බර් මස 9 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය විසින් පවත්වන ලද චීන සහ විදෙස් විද්වතුන්ගේ සංසදයට මාර්ගගතව මෙන්ම ‌ෙභෟතිකව ද සහභාගී වන්නට අවස්ථාව උදා කරදී තිබිණ. මෙම සංසදයේ තේමාව නම් “පශ්චාද් වසංගත සමයේ ජාත්‍යන්තර චීන භාෂා අධ්‍යාපනය” යන්නය. පශ්චාද් වසංගත සමයේ ජාත්‍යන්තර චීන භාෂා අධ්‍යාපනය මුහුණ දෙන ගැටළු විසඳීම හා අභියෝග හමුවේ මනා අවස්ථා බවට පරිවර්තනය කරගනුයේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීමත්, ජාත්‍යන්තර චීන භාෂා අධ්‍යාපනයේ උසස් තත්ත්වයට සංවර්ධනය කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීමත් මෙම සංසදයේ ප්‍රධාන අරමුණු වේ.

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂයේ ලේකම් වැන්ග් ඩිංගුවා මහතා ද, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය පක්ෂ ලේකම් සහ කුලපති යැං ඩෑන් මහතා ද, කොරියානු විදේශ භාෂා අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කුලපති ජින් රෙන්ෂේ මහතා මෙන්ම මොස්කව් රාජ්‍ය වාග් විද්‍යා අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කුලපති ඉරීනා ක්රජේවා මැතිණිය ඇතුළු පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූහ. මෙහිදී කොන්ෆියුසියස් ආයතනයන්හි නියෝජිතයන් “මාර්ගගත ක්‍රියාකාරකම් සංවිධානයන්” සහ “මාර්ගගත සහ නොබැඳි ක්‍රම ඒකාබද්ධ ඉගැන්වීම” පිළිබඳ සාකච්ඡා පැවැත්වූහ. මෙයට බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ චීන සහ විදේශීය අධ්‍යක්ෂවරුන්, පීඨාධිපතිවරුන් සහ නික්ම යන චීන පීඨාධිපතිවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC