Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය චීනයේ පළමවන දිවියහි භාෂා පාඨමාලාව ආරම්භ කිරීම

发布时间:2021-11-12

2021 වසරේ සැප්තැම්බර් මස 7 දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලය විසින් මාලදිවයිනේ නිල භාෂාව වන දිවියහි භාෂාව ඉගැන්විමේ පාඨමාලාව ආරම්භ කිරීමේ උත්සවය පවත්වන ලදී.මෙය චීනය තුළ දිවියහි භාෂා පාඨමාලාවක් ආරම්භ කළ පළමු අවස්ථාව වීම සුවශේෂී සංධිස්ථානයකි. මෙම සමාරම්භක උත්සවය සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ එම විශවවිද්යාලයේ උප අධ්ක්ෂක Zhao Gang මහතා, චීනයේ මාලදිවයින තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ගරු Sobah Rasheed මහතාත් සහභාගී වූ අතර ඔවුහු සභාව අමතන ලදී.මෙම සමාරම්භක උත්සවය මෙහෙයවන ලද්දේ දිවියහි භාෂා ගුරුවරයා වන Zhu Fangfang මැතිනිය විසිනි. චීනය තුළ දිවියහි භාෂා පාඨමාලාව ආරම්භ කළ පළමවෙනි විශ්වවිද්යාලය ලෙස, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලය විසින්  ගුරුවරු පුහුණු කිරීමටත් විෂය ගොඩනැගමීටත් වෑයම් කරනු ලැබේ.මෙම පාඨමාලාව මගින් චීනය සහ මාලදිවයින යන දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC