Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද "චීන භාෂා පාලම" ගිම්හාන කඳවුරු වැඩසටහන-2021

发布时间:2021-11-12

ජූලි මස 20 වන දින සිට අගෝස්තු මස 7 වන දින දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් "චීන භාෂා පාලම" ගිම්හාන කඳවුරු වැඩසටහන-2021 මාර්ගගත ව සංවිධානය කරන ලදී. එම වැඩසටහනට යුරෝපීය ද්විතීයික පාසල් සිසුන් සඳහා "චීන භාෂාව පිළිබඳ හැඟීම්" තේමා කර ගත් මාර්ගගත ගිම්හාන කඳවුර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාර්ගගත ගිම්හාන කඳවුර සහ "චීන සැරිසර - ලිංනන් ප්‍රදේශය සොයමින්" (චීන-ජර්මානු ද්විභාෂා) මාර්ගගත ගිම්හාන කඳවුර යනාදිය ඇතුළත් විය.

"චීන භාෂා ප්‍රවීණතාවය දියුණු කිරීම සහ චීන සංස්කෘතිය අවබෝධ කරගැනීම" යන තේමාවෙන් යුත් "චීන භාෂා පාලම" ගිම්හාන කඳවුරු වැඩසටහන-2021 භාෂාව ඉගැන්වීම් සහ සංස්කෘතිය පිළිබඳ දේශන එක් කරමින් සජීවී සහ පටිගත යන දෙයාකාරයෙන් පැවැත්වීම නිසා එමඟින් චීන සංස්කෘතිය පිළිබඳව අංග සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමටත් වර්තමාන චීනයේ තත්ත්වය දැන ගැනීමටත් චීන භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීමටත් විවිධ රටවල සිසුන් සඳහා මෙය රුකුලක් විය.

යුරෝපීය ද්විතීයික පාසල් සිසුන් සඳහා "චීන භාෂාව පිළිබඳ හැඟීම්" තේමා කර ගත් මාර්ගගත ගිම්හාන කඳවුර සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාර්ගගත ගිම්හාන කඳවුර යටතේ චීන භාෂා පාඨමාලා, "චීන සාම්ප්‍රදායික සංස්කෘති සංග්‍රහය" තේමා ක්‍රියාකාරකම්, "බෙයිජිංහි සංචාරය කිරීම සහ හැදෑරීම" වීඩියෝ මාලාව සහ "බහු භාෂා යොදාගනිමින් චීනය පිළිබඳ විස්තර කිරීම" වීඩියෝ මාලාව යනාදිය ඇතුළත් විය. රුසියාව, හංගේරියාව, බල්ගේරියාව, චෙක් ජනරජය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් 11 ක සිසුන් 176 ක් එයට සහභාගී වූහ.

"චීන සැරිසර - ලිංනන් ප්‍රදේශය සොයමින්" (චීන-ජර්මානු ද්විභාෂා) මාර්ගගත ගිම්හාන කඳවුර චීනයේ ලිංනන් ප්‍රදේශයේ ඉතිහාසය, සංස්කෘතියක උරුමයන් හා සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් චීන භාෂාව ඉගෙනුම් පන්තිය, චීන සංස්කෘතිය ගැන අත්දැකීම් ලැබීමේ පන්තිය හා පුහුණු කිරීමේ අමතර පන්තිය යන කොටස් තුනකින් සමන්විත විය. ජර්මනිය, ලක්සම්බර්ගය, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ පෝලන්තය ඇතුළු රටවල් 14 ක පුද්ගලයින් 97 දෙනෙක් එයට සහභාගී වූහ.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC