Beijing Foreign Studies University

ගෝලීය විදේශ භාෂා විශ්වවිද්‍යාල සන්ධානය(GAFSU) නිළ වශයෙන් පිහිටුවීම

发布时间:2019-05-10

全球外语大学联盟配图

මැයි මස දහනමවනදින ගෝලීය විදේශ භාෂා විශ්වවිද්‍යාල සන්ධානයේ කුලපති සමුළුව සහ 2017 වසරේ කලාපීය අධ්‍යයනය හා ගෝලීය පාලනය පිළිබඳ සමුළුව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. BFSU විසින් පළමුවරට යෝජනා කළ ගෝලීය විදේශ භාෂා විශ්වවිද්‍යාල සන්ධානය(GAFSU) මෙම සමුළුවේදී නිළ වශයෙන් පිහිටුවන ලදී. ලෝකයේ රටවල් 16ක විශ්වවිද්‍යාල 30ක් GAFSU සමග එක් විය. චීනයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ටියෑන් ෂුඑජුන්, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන්, පාලක සභාවේ සභාපති හන්ජන් මහතා යන මහත්වරු එම සමුළුවට සහභාගි වූහ.

විදේශ භාෂා ඉගැන්වීම සහ කලාපීය අධ්‍යයනය පිළිබඳ නමක් උසුලන විවිධ රටවල ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල විසින් ස්වකැමැත්තෙන් ස්ථාපිත කරන ලද මෙම සන්ධානය විවෘත, වාසිනොලබන, අසාමූහික සංවිධානයක් වේ.  “සාමුහිකත්වය, අන්‍යෝන්‍ය විශ්වාස, දෙපාර්ශවයට ම වාසි අත්වීම” සිය මූලධර්ම කොටගත් මෙම සන්ධානය, විදේශ භාෂා ඉගැන්වීම, කලාපීය අධ්‍යයනය, සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍රයන්හට වේදිකාවක් ලෙස සැලකිය හැකිය.

GAFSU සන්ධානයේ මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද අතර එහි මණ්ඩල අධ්‍යක්ෂක තනතුර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් මහතා විසින් දරනු ලැබේ. මණ්ඩල සාමාජිකයෝ වන්නේ සාමාජික විශ්වවිද්‍යාලවල කුලපතිවරුන් ය.  සන්ධානයේ මහලේකම් කාර්යාලය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇත. වසර දෙකකට වතාවක් GAFSU සන්ධානය, අධ්‍යාපනික දර්ශනය, අධ්‍යාපනය දියුණු කිරීමේ  ක්‍රම, සිසුන් පුහුණු කිරීම, විෂය සංවර්ධනය යන තේමා යටතේ සමුළුවක් පැවැත්වීමට නියමිතයි.

සමුළුව පැවැත්වූ දින සන්ධානයේ සාමාජික විශ්වවිද්‍යාලවල නියෝජිතයෝ එක්වී “ගෝලීය විදේශ භාෂා විශ්වවිද්‍යාල සන්ධානය සහයෝගිතා ගිවිසුම” අත්සන් තැබීමෙන්  GAFSU වැඩකටයුතු ආරම්භ වීම  සංකේත විය.

ගෝලීය විදේශ භාෂා විශ්වවිද්‍යාල සන්ධානය ආරම්භක සාමාජිකයෝ වන්නේ(ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට):

අල් ෆරාබි කාසාක් ජාතික විශ්වවිද්‍යාලය (කසකස්තානය)

අසර්බයිජාන් භාෂා විශ්වවිද්‍යාලය (අසර්බයිජාන්)

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය (චීනය)

බෙයිජිං ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

බෙයිජිං භාෂා සහ සංස්කෘතික විශ්වවිද්‍යාලය (චීනය)

ගුජරාට් මධ්‍යම විශ්වවිද්‍යාලය (ඉන්දියාව)

චීන විදේශ කටයුතු අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

දා ලියෑන් විදේශ භාෂා විශ්වවිද්‍යාලය (චීනය)

ග්වං දොං විදේශ කටයුතු අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

හංකුක් විදේශ කටයුතු අධ්‍යයන විශ්වවිද්‍යාලය (කොරියාව)

ක්යෙව් ජාතික වාග්විද්‍යා විශ්වවිද්‍යාලය (යුක්රේනය)

MGIMO විශ්වවිද්‍යාලය (රුසියාව)

පස්වැනි මොහම්මද් විශ්වවිද්‍යාලය (මොරොක්කෝව)

මොස්කව් ජාතික වාග්විද්‍යා විශ්වවිද්‍යාලය (රුසියාව)

මියුනික් ව්‍යවහාරික වාග්විද්‍යා විශ්වවිද්‍යාලය (ජර්මනිය)

මෙක්සිකෝව ජාතික ස්වයංපාලන විශ්වවිද්‍යාලය(UNAM)  (මෙක්සිකෝව)

වැල්පරයිසෝ කතෝලික විශ්වවිද්‍යාලය (චිලී)

ෂංහයි ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

ෂංහයි ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික විශ්වවිද්‍යාලය (චීනය)

ස් වුඅන් ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

සො‍ෆියා විශ්වවිද්‍යාලය (බල්ගේරියාව)

යෝග්‍යකාර්තා ජාතික විශ්වවිද්‍යාලය (ඉන්දුනීසියාව)

තියැන්ජින් විදේශ භාෂා විශ්වවිද්‍යාලය (චීනය)

තෝකියෝ විශ්වවිද්‍යාලය (ජපානය)

ලීමා විශ්වවිද්‍යාලය (පේරු රාජ්‍යය)

ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික විශ්වවිද්‍යාලය (චීනය)

ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

උස්බෙකිස්තාන් ජාතික ලෝක භාෂා   විශ්වවිද්‍යාලය (උස්බෙකිස්තානය)

ෂී අන් ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

ජ්අ ජ්‍යං ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය (චීනය)

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC