Beijing Foreign Studies University

සේද මාවත පිළිබඳ අධ්‍යයන ආයතනය

发布时间:2019-05-10

සේද මාවත පිළිබඳ අධ්‍යයන ආයතනය ස්ථාපිත කෙරු‍ණේ වසර 2015දීය. හොංකොං නාගරික විශ්ව විද්‍යාලයේ කුලපති චාං ශින්ගාං මහතා මෙහි ගරු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

චීනයේ “එක් තීරයක් එක් මාවතක්” හෙවත් “සේද මාවත් ආර්ථික තීරය සහ 21 වන සියවසේ මුහුදු සේද මාවත” යන උපාය මාර්ගයට අනුබලයක් වීම මෙම ආයතනයේ පරමාර්ථයයි. විශ්ව විද්‍යාලයේ බහු භාෂා සහ අන්තර්-සංස්කෘතික විශේෂත්වය ප්‍රයෝජනයට ගනිමින් එම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීම මෙම ආයතනයේ කාර්යභාරයයි.

“එක් තීරයක් එක් මාවතක්” උපාය මාර්ගය පිළිබඳ වැදගත් බුද්ධිමය සංචිතයක් වන මෙම ආයතනය චීනය සේද මාවතට අදාළ රටවල් සමග ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව අධ්‍යයනය කරමින් චීනයේ සාර්ථක ප්‍රතිසංස්කරණ හා සංවර්ධන අත්දැකීම් මගින් එම රටවලට උපදේශන සේවා ද සලසා දෙයි. එබඳු වැඩමුළු ද සංවිධානය කොට ඇත. එමෙන්ම චීනය සහ සේද මාවතට අදාළ රටවල් අතර අදහස් හුවමාරුව පුළුල් කිරීමට වේදිකා සහ අවස්ථා ලබා දෙන මෙම ආයතනය රට තුළ ‘එක් තීරයක් එක් මාවතක්’ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සේවා සපයන ආයතනයක් සේ ද සැලකේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC