Beijing Foreign Studies University

බෙයිජිං ජපන් අධ්‍යයන මධ්‍යස්ථානය

发布时间:2019-05-10

බෙයිජිං ජපන් අධ්‍යයන මධ්‍යස්ථානය ආරම්භ වූයේ වසර 1985දීය. චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජපන් ජාත්‍යන්තර හුවමාරු අරමුදල මෙම මධ්‍යස්ථාන‍යට අනුග්‍රහය දක්වයි. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ඍජු මෙහෙයවීම යටතේ පසුගිය වසර 30 තුළ රට වෙනුවෙන් 1000කට වැඩි ජපන් භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ලාභින්, ආචාර්ය උපාධි ලාභින්, කථිකාචාර්යවරුන්, ජ්‍යේෂ්ඨ වෘත්තීය ප්‍රවීණයන් බිහි කිරීමට මෙම මධ්‍යස්ථානයට හැකි වී තිබේ.

මෙම මධ්‍යස්ථානයේ විෂය ධාරාව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ බෙයිජිං නගරයේ ප්‍රධාන විෂය ධාරාව ලෙස නම් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතිකත්ව සහ කලාපීය පර්යේෂණ මූළස්ථානයක් ලෙස ද මෙය හැඳින් වෙයි. දැනට මෙහි සේවා මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 26 දෙනෙක් සිටිති. ඒ අතර මහචාර්යවරුන් 9 දෙනෙකි. උප මහචාර්යවරුන් තිදෙනෙක් සහ කථිකාචාර්යවරුන් 2 දෙනෙකි. ජපන් භාෂාව, ජපන් භාෂා අධ්‍යයනය, ජපන් සාහිත්‍යය, ජපන් සංස්කෘතිය, ජපන් සමාජය සහ ජපන් ආර්ථිකය මෙහි අධ්‍යයන ක්ෂේත්‍ර 6 වෙයි. දැනට පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 109 දෙනෙක්, ජපානයේ ශිෂ්‍යයෙක්, ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 47 දෙනෙක්, පශ්චාත් ආචාර්ය උපාධි ලාභියෙක්, බාහිර උගතුන් දෙදෙනෙක් සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා අධ්‍යයයනය කරන ගුරුවරයෙක් මෙහි වෙති.

බෙයිජිං ජපන් අධ්‍යයන මධ්‍යස්ථානය අධ්‍යයන කටයුතු සිදු කරන්නේ චීන-ජපාන සහයෝගිතා ක්‍රමයකිනි. ජපාන ජාත්‍යන්තර හුවමාරු අරමුදල වාර්ෂිකව එරටේ විශිෂ්ඨ ශාස්ත්‍රඥවරුන් සහ මහචාර්යවරුන් මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයේ දේශන පැවැත්වීමට එවයි. චීනයේ ප්‍රකට විශේෂඥවරුන් රැසක් මෙහි ආරාධිත මහචාර්යවරු ලෙස කටයුතු කරති.

බෙයිජිං ජපන් අධ්‍යයන මධ්‍යස්ථානයජපානයේ කෝබෙ විශ්ව විද්‍යාලය(KobeUniversity),ඔකායාමා විශ්ව විද්‍යාලය(Okayama University) සමග දිවිත්ව පශ්චාත් උපාධි පිරිනැමීමේ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. ටොකියෝ විශ්ව විද්‍යාලය(The University of Tokyo), ඔට්සානොමිට්සූ විශ්ව විද්‍යාලය (Ochanomizu University), වාසෙඩාවිශ්ව විද්‍යාලය(Waseda University), ජපාන භාෂාව පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනය, ජපාන සාහිත්‍ය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනය, මිඒ විශ්ව විද්‍යාලය (Mie University), නගොයා විදේශ භාෂා විශ්ව විද්‍යාලය (Nagoya University of Foreign Studies), ශින්ශු විශ්ව විද්‍යාලය (Shinshu University) ඇතුළු විශ්ව විද්‍යාල හා අධ්‍යයන ආයතන 23ක් සමග සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබිණ.

බෙයිජිං ජපන් අධ්‍යයන මධ්‍යස්ථානයේ දැනට ජපාන සහ චීන ග්‍රන්ථ එක්ලක්ෂ හැත්තෑ දහසක් තැන්පත් ව තිබේ. එය චීනයේ විශාලතම ජපාන භාෂා ග්‍රන්ථ සංචිතය ලෙස ද හැඳින් වෙයි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC