Beijing Foreign Studies University

චීන විදේශ භාෂා අධ්‍යයන මධ්‍යස්ථානය

发布时间:2019-05-10

ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පීඨය ඇතුළු පීඨ කිහිපයක අධ්‍යයන ප්‍රතිඵල සහ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වසර 2000දී චීන විදේශ භාෂා අධ්‍යයන මධ්‍යස්ථානය පිහිටුවනු ලැබිණ. විදේශ භාෂා අධ්‍යයන අංශය, ඊට පුරෝගාමී විය. මෙම මධ්‍යස්ථානය ‘සාමාන්‍ය උසස් අධ්‍යයන විද්‍යාලවල සංස්කෘතික හා සමාජ විද්‍යා පිළිබඳ ප්‍රධාන අධ්‍යයන මූළස්ථානය’ ලෙස නම් කරනු ලැබුවේ ද එම වර්ෂයේදීය.

විදේශ භාෂා අධ්‍යයන සිද්ධාන්තය සහ භාෂා තුලනාත්මක අධ්‍යයනය මෙම මධ්‍යස්ථානයේ අධ්‍යයන ක්ෂේත්‍ර දෙකයි. මෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ විදේශ භාෂා අධ්‍යයනය පිළිබඳ වැදගත් විද්‍යා අධ්‍යයන ව්‍යාපෘති ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවීණ ආචාර්යවරුන් බිහි කරමින් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය අධ්‍යයන කාර්ය මණ්ඩලය පරිපූර්ණ කිරීමයි. එමෙන්ම රටේ ඉහලම මට්ටමේ විදේශ භාෂා අධ්‍යයනය පිළිබඳ ග්‍රන්ථ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ද චීනයේ විදේශ භාෂා අධ්‍යයනයේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් උපදේශන සේවාවක් ලෙස ද මෙය ක්‍රියාත්මක වෙයි.

මෙම මධ්‍යස්ථානයේ පර්යේෂකයන් 13 දෙනෙක් අතර මහචාර්යවරුන් 10 දෙනෙක් සහ උප මහචාර්යවරුන් දෙදෙනෙක් සිටිති. ඔවුන් සියල්ලම ආචාර්ය උපාධි ලාභින්ය. බාහිර පර්යේෂකයන් 4 දෙනෙක් ද සිටිති. වසර 2009ත් 2015ත් අතර කාලය තුළ මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ පර්යේෂණ ව්‍යාපෘති 46ක් අතර 12ක් සිදු කෙරුණේ ජාතික මට්ටමේ සමාජ විද්‍යා අරමුදලේ මුල්‍යාධාර මගිනි. ව්‍යාපෘති 3ක් රටේ වැදගත් අධ්‍යයන විෂය ධාරා ලෙස නම් කෙරිණ. ව්‍යාපෘති 11ක් චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ වැදගත් ව්‍යාපෘති ලෙස තෝරා ගැණින. එබඳු අධ්‍යයන ව්‍යාපෘතිවලින් ලැබුණු සම්මාන රැසකි. පර්යේෂකයන් නිබන්ධ සහ වෘත්තීය ග්‍රන්ථ 430ක් පළ කර ඇත. මෙම මධ්‍යස්ථානය විදේශ භාෂා විෂය ධාරාව සහ ව්‍යවහාරික භාෂා විෂය ධාරාව පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 20 දෙනෙක් සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 20 පමණ දෙනෙක් වාර්ෂිකව බඳවා ගනී. පශ්චාත් ආචාර්ය උපාධි ලාභින් 5 දෙනෙක් ඇතුලත්ව මෙම මධ්‍යස්ථානය චීනයේ ජ්‍යෙෂ්ඨ විදේශ භාෂා අධ්‍යයන ප්‍රවීණයන් බිහි කිරීමේ වැදගත් මූළස්ථානයක් බවට පත් ව ඇත.

චීන විදේශ භාෂා අධ්‍යයන මධ්‍යස්ථානයට අදාල අංශ තුනක් අලුතෙන් ආරම්භ විය:

මෙම විද්‍යාල ස්ථාපිත කෙරුණේ වසර 2015 ජූනි මස 17 වනදාය. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන විෂය ධාරාව ඉහල නංවමින් විදේශ භාෂා අධ්‍යයනය සහ ගුරුවරුන්ගේ අධ්‍යයන මට්ටම වර්ධනය කිරීම එහි පරමාර්ථයයි.

දැනට අධ්‍යයන විද්‍යාලයේ මහචාර්යවරුන් 4 දෙනෙක් සහ උප මහචාර්යවරයෙක් සිටිති. ඔවුන් සියළු දෙනාම ආචාර්ය උපාධි ලබා තිබේ.

අධ්‍යයන විද්‍යාලයේ පුරෝගාමී අංශය වසර 10ක් පුරා විශ්ව විද්‍යාලවල විදේශ භාෂා අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන්ගේ වැඩමුළු සාර්ථකව පැවැත්විය. බෙයිජිං නගරයේ ප්‍රාථමික හා මධ්‍යම පාඨශාලාවල ඉංග්‍රීසි භාෂා අධ්‍යයන ගුරුවරුන් දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙම විද්‍යාලයට පැවරී තිබේ. විදේශ භාෂා අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන්ගේ පූර්ව-වෘත්තීය අධ්‍යයනය ආරම්භ කිරීම සැලසුම් කෙරේ. ගුරුවරුන්ගේ පූර්ව සහ පශ්චාත් වෘත්තීය පුහුණු සලසා දෙන පූර්ණ ගුරු වෘත්තීය පුහුණු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණකි. පාඨමාලා සහ භාෂා අධ්‍යයන පර්යේෂණය, භාෂා අධ්‍යයන ගුරුවරුන්ගේ අධ්‍යයන පර්යේෂණය, තුලනාත්මක අධ්‍යයනය සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ මෙම විද්‍යාලයේ කාර්යභාරයක් ලෙස සැලකේ.

විදේශ භාෂා මට්ටම් ඇගයී‍මේ මධ්‍යස්ථානය

විදේශ භාෂා මට්ටම් ඇගයීම් මධ්‍යස්ථානය ස්ථාපිත කෙරුණේ වසර 2014 සැප්තැම්බර් මස 29 වනදාය. වැඩිම ගෝලීය බලපෑමක් ඇති චීනයේ ඉහලම විදේශ භාෂා මට්ටම් ඇගයීමේ ආයතනයක් සහ විදේශ භාෂා මට්ටම් පිළිබඳ විභාග‍ සේවා ආයතනයක් ලෙස සංවර්ධනය වීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි. විදේශ භාෂා පිළිබඳ විභාග සංවර්ධනය කරමින් චීනයේ විදේශ භාෂා ප්‍රවීණයන් ඇගයීම සහ ප්‍රමිතිගත කිරීමෙහි මෙම ආයතනය නිරත වෙයි. වෙළෙඳපොලේ, කර්මාන්තවල සහ අදාළ අංශවල අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කර ගෙන විදේශ භාෂා අධ්‍යයනය පිළිබඳ ඇගයීම් පර්යේෂණ සිදු කෙරේ. ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරන පිරිසේ වයසට සහ ඔවුන්ගේ මට්ටම්වලට අනුව පූර්ණ ඇයගීමේ සේවාවක් ලබා දෙයි. මෙය ප්‍රතිලාභ නොලැබෙන ශාස්ත්‍රීය අංශයකි.

ජාතික භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානය

මෙම මධ්‍යස්ථානය වසර 2014 ජුලි මාසයේ ආරම්භ කෙරුණේ ජාතික භාෂා සහ රූපාක්ෂර පිළිබඳ කාරක කමිටුවේ අවසරය මතය. චීන අධ්‍යාපන අමාත්‍යාංශ‍ෙය් භාෂා හා රූපාක්ෂර තොරතුරු පාලන දෙපාර්තමේන්තුව සහ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය ඒකාබද්ධව එය මෙහෙයවයි. දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික යනාදි ක්ෂේත්‍ර තුළ භාෂාව සතු කාර්යභාරය අධ්‍යයනය කිරීම මෙම මධ්‍යස්ථානයේ මෙහෙවරකි. භාෂා ප්‍රවීණයන් සම්පත, ලෝකයේ ප්‍රධාන රටවල භාෂා ප්‍රතිපත්තිය, ලෝකයේ විවිධ නගරවල විදේශ භාෂා නිපුණතාව පිළිබඳව පර්යේෂණය කොට අදාළ ආයතනවලට උපදේශන සහ පරිශීලන සේවා ලබා දීම මෙම මධ්‍යස්ථානයේ තවත් කාර්යභාරයකි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC