Beijing Foreign Studies University

ලෝක ඉතිහාස අධ්‍යයන ආයතනය)

发布时间:2019-05-10

ලෝක ඉතිහාස අධ්‍යයන ආයතනය ආරම්භ වූයේ 2014 වර්ෂයේදීය.

මෙම ආයතනයේ ආචාර්ය උපාධි ලාභින්ගේ සංඛ්‍යාව 10කි. පශ්චාත් උපාධි ලාභින් 4 දෙනෙක් සහ පශ්චාත් ආචාර්ය උපාධි ලාභියෙක් ද සිටිති. චීන භාෂා පරිවර්තන කාර්යයේ ඉතිහාසය, සංස්කෘතික අධ්‍යයනය, බටහිර චින්තනිකයන්ගේ චීනය පිළිබඳ අවබෝධය, බටහිරකරණය සහ නවීකරණය, ගෝලීය දෘශ්ටිකෝණයේ සිට චීනයේ නූතන ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය, ලෝක ඉතිහාසය සහ චීනය, චීන භාෂාවේ ගෝලීය ඉතිහාසය, ලෝක ඉතිහාසය සහ චීනය පිළිබඳ සම්භාව්‍ය ග්‍රන්ථ මෙහි විෂය ධාරා වේ.

මෙම ආයතනයේ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකි. මහචාර්යවරුන් දෙදෙනෙක්, උප මහචාර්යවරයෙක්, විදේශ විශේෂඥයෙක්, පරිපාලන සේවකයෙක් ඒ අතරය.

ලෝක ඉතිහාසය, කලාප සහ ජාතිකත්වය, චීනය සහ ලෝකය, සංකල්පික ඉතිහාසය සම්බන්ධයෙන් ලෝක ඉතිහාස අධ්‍යයන ආයතනය පර්යේෂණ සිදු කරයි. “ලෝක ඉතිහාසය සහ චීනය”, ‘ගවේෂණ”යන සඟරා සහ “ලෝක ඉතිහාසය සහ චීනය”, “ජාතිකත්ව ඉතිහාසය පිළිබඳ කේම්බ්‍රිජ් ග්‍රන්ථ මාලාව”, “මිහිතල සාහිත සංහිතා” යන ග්‍රන්ථ පෙල ප්‍රකාශනයට පියවර ගනිමින් සිටී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC