Beijing Foreign Studies University

ජාතික කලා පර්යේෂණ ආයතනය

发布时间:2019-05-10

මෙම ආයතනය ස්ථාපිත කෙරුණේ වසර 2011දීය. ජාතික කලාව වර්ධනය කරමින් චීන සම්ප්‍රදායික සංස්කෘතිය විදේශවල ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මෙය ආරම්භ කෙරිණ. ජාතික කලාව පිළිබඳ සංයෝගාත්මක පර්යේෂණය එහි අධ්‍යයන සහ පර්යේෂණ විෂය ධාරාවයි. විශ්ව විද්‍යාලයේ දෙස් විදෙස් සිසු සිසුවියන්, බෙයිජිං නගරයේ විදේශ ආයතනවල සේවක සේවිකාවන් සහ කොන්ෆියුසියස් ආයතනවල ස්වේච්ඡා සේවක සේවිකාවන් වෙනුවෙන් චීනයේ සම්ප්‍රදායික නාට්‍යය වැනි ජාතික කලා ක්ෂේත්‍රවල සිද්ධාන්ත පිළිබඳ දැනුම සහ නිපුණතා සංවර්ධන අවස්ථා මෙමගින් සලසා දෙනු ලබයි. චීන ජාතික කලාව බෙහෙවින් පොහොසත් අන්තර්ගතයකට හිමිකම් දරයි. ඒ පිළිබඳ විශාලතම පර්යේෂණ පරාසයක් පවතී. එම පර්යේෂණ සිදු කිරීමට මනා සංස්කෘතික පසුබිමක් සහ ප්‍රායෝගික අත්දැකීම් අවශ්‍ය වීම විශේෂත්වයකි. ජාතික කලා පර්යේෂණ ආයතනය චීන සංස්කෘතිය සහ කලාව පිළිබඳව අධ්‍යයනය, පර්යේෂණය සහ ප්‍රවර්ධනය යන කාර්යභාර ක්‍රියාවට නංවමින් ප්‍රවේශම් සහගතව ජාතික කලාවේ අනන්‍යතාව ආරක්ෂා කොට එයට ගැලපෙන ලෙස සිය විෂය ධාරාව ගොඩනැගීමට උත්සාහ කර තිබේ.

ජාතික කලා පර්යේෂණ ආයතනය පශ්චාත් උපාධි පිරිනැමීමේ බලය හිමි ආයතනයකි. දැනට මෙහි පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 9 දෙනෙකි. චීන සම්ප්‍රදායික නාට්‍ය විදේශවල ප්‍රචලිත කිරීම ඔවුන් අධ්‍යයනය කරන විෂය ධාරාවයි. කලාවේ ප්‍රවර්ධනය, දෙස් විදෙස් නාට්‍ය ඉතිහාසය, දෙස් විදෙස් චිත්‍රපට ඉතිහාසය, කලාත්මක සෞන්දර්යය විද්‍යාව, කලාවේ සිද්ධාන්ත, බටහිර සංස්කෘතිය, රඟපෑම යනාදිය එහි සැලසුම් කරන ලද දේශන වාරයි.

කලාව පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහ ඒ පිළිබඳ ප්‍රචලිත අධ්‍යාපනය එක සමාන ලෙස සංවර්ධනය කිරීමෙහි ද කලා ව්‍යවහාරය සහ කලාවේ සිද්ධාන්ත අධ්‍යයනයට ඇතුලත් කිරීමෙහි ද මෙම ආයතනය නිරත වෙයි. මෙහි පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් “සම්භාව්‍ය බෙයිජිං ඔපෙරා නාට්‍ය සීයක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරී‍ෙම් ව්‍යාපෘතියකට” එක් ව සිටිති. එවැනි ව්‍යාපෘතියකට එක් වෙමින් සම්ප්‍රදායික නාට්‍යය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මෙන්ම ඔවුන්ගේ භාෂා පරිවර්තන හැකියාව සහ කලාත්මක හැඟීම්වල වර්ධනයක් ලබා ඇත. මෙම ශිෂ්‍ය පිරිස විශේෂඥයන්ගේ ඉහල පැසසුමට ලක් වී තිබේ.

ජාතික කලා පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් සිටිති. බාහිර මහචාර්යවරුන් 12 දෙනෙකි. ගුරුවරුන්ගේ සංඛ්‍යාව 14කි. ඒ අතර මහචාර්යවරුන් 6 දෙනෙක් සහ උප මහචාර්යවරුන් 2 දෙනෙක් සිටිති. 8 දෙනෙක් ආචාර්ය උපාධිය ලබා ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC