Beijing Foreign Studies University

ආසියා අප්‍රිකා අධ්‍යයන පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ආසියා අප්‍රිකා අධ්‍යයන පීඨය ස්ථාපිත කෙරුණේ වසර1961දීය.මෙම පීඨයේ විදේශ භාෂා33ක් අධ්‍යයනය කළ හැකිය.භාෂා16ක විශ්ව විද්‍යාල පාඨමාලා ද භාෂා17ක අධ්‍යයන පන්ති වාර ද එමපීඨයේ ක්‍රියාත්මක වෙයි.බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාල‍යේ දීර්ඝතම ඉතිහාසයක් සතු ආසියා අප්‍රිකා අධ්‍යයනපීඨය සමස්ත චීනයේම වැඩිම විදේශ භාෂා සංඛ්‍යාවක් අධ්‍යයනයට ඉඩ සලසයි.අග්නිදිග ආසියාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය,දකුණු ආසියාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය,බටහිර ආසියාව හා අප්‍රිකාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය,උතුරු–දකුණු කොරියා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය,ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය,ඉන්දුනිසියාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඉරානය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය මෙම පීඨයට අනුයුක්තය.මෙහි ශාස්ත්‍රීය සඟරාව‘ආසියා අප්‍රිකා පර්යේෂනය’යනුවෙන් නම් කර තිබේ.

ආසියා අප්‍රිකා අධ්‍යයන පීඨයේ ගුරුවරුන්50දෙනෙක් සිටිති.මහචාර්යවරුන් සහ උප මහචාර්යවරුන්ගේ සංඛ්‍යාව20කි.සමස්ත ගුරුවරුන් අතරින්21දෙනෙක් ආචාර්ය උපාධි ලාභින් ය.විදේශ විශේෂඥයන්10කට වැඩි පිරිසක් වාර්ෂිකව බඳවා ගැනේ.අනතුරුව ප්‍රකට දෙස් විදෙස් ශාස්ත්‍රඥවරුන් සහ විශේෂඥවරුන් රැසක් පීඨයේ ආරාධිත මහචාර්යවරුන් ලෙස කටයුතු කරති.මේ වන විට මෙම පීඨයේ සරසවි සිසු සිසුවියන්,පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ සමස්ත සංඛ්‍යාව500කි.සිසුන්ගේ භාෂා නිපුණතා සංවර්ධනය හැරුණු විට විවිධ රටවල තොරතුරු අධ්‍යයනය කිරීම සහ පර්යේෂණය කිරීමට ද අවධානය යොමු වී තිබේ.මෙම පීඨය චීනයේ ආසියා අප්‍රිකා අධ්‍යයන මූළස්ථානය ලෙස හැඳින්වීම තවත් විශේෂත්වයකි.පසුගිය වසර50කට වැඩි කාලයක් තුළ ඉහල විදේශ භාෂා හැකියාව,පුළුල් දැනුම් සම්භාරය,මනා සංයෝගාත්මක ගුණාංග හිමි බහුභාෂා සහ බහුවිධ නිපුණතා සතු ප්‍රවීණයන් විශාල සංඛ්‍යාවක් මෙම පීඨයෙන් බිහි වී තිබේ.

ආසියා අප්‍රිකා අධ්‍යයන පීඨයේ පරමාර්ථය වනුයේ පූර්ණ අධ්‍යයන අවස්ථා සහ පර්යේෂණ සම්පත් සැපයීමෙන් පරිපූර්ණ සිසු සිසුවියන් බිහි කිරීමේ ක්‍රමවේදයක් මගින් රටේ විශිෂ්ඨතම භාෂා පිළිබඳ ප්‍රවීණයන් බිහි කිරීමේ මූළස්ථානය බවට පත් වීම ය.චීනයේ රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයට සරිලන ආකාරයට නැගෙනහිර ආසියාව,අග්නිදිග ආසියාව,දකුණු ආසියාව,බටහිර ආසියාව,නැගෙනහිර අප්‍රිකාව සහ බටහිර අප්‍රිකාව යන කලාපවල රටවල්26යේ සාහිත්‍යය ඇතුළු සංස්කෘතික හා සමාජ විද්‍යා විෂය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණය සිදු කිරීම.සමාජයේ අවශ්‍යතාවට අනුව පොදු නොවන භාෂා පිළිබඳ ප්‍රවීණයන් පෝෂණය කරමින් ආසියාව සහ අප්‍රිකාව පිළිබඳ චීනයේ වැදගත් පර්යේෂණ හා අධ්‍යයන මූළස්ථානයක් බවට පත් වීම ය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC