Beijing Foreign Studies University

ජාත්‍යන්තර චීන සංස්කෘතික අධ්‍යයන ආයතනය

发布时间:2019-05-10

ජාත්‍යන්තර චීන සංස්කෘතික අධ්‍යයන ආයතනයට පදනම වී ඇත්තේ විදේශවල චීන සංස්කෘතික ඥාන පර්යේෂණ මධ්‍යස්ථානයයි. වසර 1996 ආරම්භ කෙරුණු එම ම්‍යස්ථානය වසර 2015දී ජාත්‍යන්තර චීන සංස්කෘතික අධ්‍යයන ආයතනය ලෙස නම් කරනු ලැබිණ. චීන සංස්කෘතිය සම්බන්ධයෙන් විවිධ රටවල සිදු ‍කරන පර්යේෂණ අධ්‍යයනය කිරීම මෙම ආයතනයේ ප්‍රධාන කාර්යභාරයයි. චීන සංස්කෘතිය නිර්මාණශීලීව ප්‍රචලිත කරමින් එය විවිධ රටවල ප්‍රවර්ධනය කිරීමේ මාර්ග සහ ක්‍රම පිළිබඳව ගවේෂණය කිරීමට මෙම ආයතනය මගින් අවධානය යොමු වී තිබේ. චීන සංස්කෘතික ග්‍රන්ථ විදේශ භාෂාවලට පරිවර්තනය කිරීමේ සිද්ධාන්තය අධ්‍යයනය කිරීම ද සිදු කෙරේ. ශාස්ත්‍රීය හා ඓතිහාසික වශයෙන් විදේශවල චීන සංස්කෘතික ඥාන පර්යේෂණය කිරීමෙහි මෙම ආයතනය නිරත වෙයි. බාහිර ලෝකයේදී චීන සංස්කෘතිය සතු බලපෑම් ශක්තිය සහ ලෝක වැසියන් තුළ චීන ප්‍රතිරූපය ගොඩ නැංවීමේ ක්‍රියාදාමය මෙන්ම චීන සංස්කෘතිය සතු ගෝලීය වැදගත්කම අධ්‍යයනය කිරීම ද මෙහි කාර්යභාරයකි.

විදේශවල චීන සංස්කෘතික ඥාන පර්යේෂණ මධ්‍යස්ථානය, චීන සංස්කෘතික පර්යේෂණ අංශය, චීන සංස්කෘතිය විදේශවල ප්‍රචලිත කිරීම ඇගයීමේ මධ්‍යස්ථානය යන අංශවලින් මෙම ආයතනය සමන්විතය. “ජාත්‍යන්තර චීන සංස්කෘතික ඥානය”, “තුලනාත්මක සාහිත්‍යය සහ අන්තර්-සංස්කෘතික අධ්‍යයනය”, “ජාත්‍යන්තර කොන්ෆියුසියස් අධ්‍යයන වාර්තාව” සහ “ලෝක චීන සංස්කෘතික ඥාන අධ්‍යයන ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය සඟරාව” මෙම ආයතනයේ ප්‍රකාශනයි. චීන සංස්කෘතිය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය, චීන භාෂා අධ්‍යයන ඉතිහාසය පිළිබඳ ලෝක ශාස්ත්‍රීය සංගමය සහ ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා කමිටුව මෙම ආයතනයට අනුයුක්තය.

තුලනාත්මක සාහිත්‍යය සහ අන්තර් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් මෙමගින් බඳවා ගැනේ. මෙම ආයතනයේ පශ්චාත් උපාධි විෂය ධාරා දෙක වන චීන සංස්කෘතික අධ්‍යයන විෂය ධාරාව සහ ජාත්‍යන්තර චීන සංස්කෘතික ඥාන විෂය ධාරාව සඳහා විදේශ සිසු සිසුවියන් බඳවා ගැනේ. චීන-ඉංග්‍රීසි ද්විත්ව භාෂාවලින් එහි අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

පසුගිය වසර 10කට වැඩි කාලයක් තුළ මෙම ආයතනයේ පර්යේෂකයන් විසින් ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ ව්‍යාපෘති 40ක් පමණ ආරම්භ කරනු ලැබ තිබේ. ඔවුන්ගේ කැප වීමෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ 36ක්, සංයුක්ත රචනා පොත් 40ක්, පරිවර්තන ග්‍රන්ථ 29ක්, ශබ්ද කෝෂ 2ක්, පෙළපොත් 3ක් සහ ප්‍රධාන සඟරාවල නිබන්ධ සීය ගණනක් පළ කර තිබේ. විශ්ව විද්‍යාල මට්ටමේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳ ඉහලම සම්මානය වසර 3ක් පුරා මෙම ආයතනයට දිනා ගැනීමට හැකි‍ විය. එය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, වතිකානුව, ස්වීඩනය, රුසියාව, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව යන රටවල් සහ හොංකොං, තායිවාන, මැකව් යන ප්‍රදේශවල අධ්‍යයන ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වයි. විදේශ බාහිර උගතුන් සීය ගණනක් මෙම ආයතනයට දායක වෙයි. ශාස්ත්‍රීය දේශන සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සමුළු රැසක් ද මෙහි සංවිධාන කෙරිණ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC