Beijing Foreign Studies University

ජාත්‍යන්තර සම්බන්ධතා හා රාජ්‍ය තාන්ත්‍රික පීඨය

发布时间:2019-05-10

මීට ක‍ලින් තිබූ ඉංග්‍රීසි භාෂාව හා ජාත්‍යන්තර අධ්‍යයන පීඨයේ රාජ්‍ය තාන්ත්‍රික දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාලයේ කලින් තිබූ ජාත්‍යන්තර ප්‍රශ්න හා ගැටලු පිළිබඳ අධ්‍යයන ආයතනය සමග ඒකාබද්ධ කොට 2006 දී මෙම පීඨය පිහිටුවා ගන්නා ලදී. චීනයේ හිටපු විදේශ අමාත්‍ය ලී ෂැඕ ෂිං මහතා 2007දී මෙම පීඨයේ ගරු පීඨාධිපති ධුරයට පත් විය. රාජ්‍ය තාන්ත්‍රික දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව, දේශපාලන විද්‍යාව හා පරිපාලන විද්‍යා දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර ප්‍රශ්න හා ගැටලු පර්යේෂණ ආයතනය, ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපය නමැති සඟරාවේ කතෘ මණ්ඩල කාර්යාලය, සමාජීය ලිංග භේදය සහ ලෝක ප්‍රශ්න පිළිබඳ අධ්‍යයන කෙන්ද්‍රය,පෙර අපර දෙදිග සබඳතා පිළිබඳ අධ්‍යයන කෙන්ද්‍රය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය, පොදු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය වැනි ආයතන රාශියක් මෙම පීඨයට අයත් ය.

2009 දී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ චීනයේ ජාත්‍යන්තර වෙළඳ සබඳතා ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධ ව බිහි කරන ලද මූලික පුහුණු හා පර්යේෂණ ආයතනය ‍‍බෙයිජිං නගර සභාව විසින් විශ්වවිද්‍යල බාහිර පුහුණු මධ්‍යස්ථානයක් ලෙස නම් කරන ලදී. එම ආයතනය ද මෙම පීඨය විසින් ආරම්භ ‍‍කොට ඇත.

2010 දී චීන අධ්‍යාපන අමාත්‍යංශය විසින් 6 වන කාණ්ඩය තෝරාගැනීමේදී මෙම පී‍ඨයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ විෂ‍ය, විශේෂ ලක්ෂණවලින් හෙබි චීනයේ ජාතික මට්ටමේ විෂයක් ලෙස පිළිගන්නා ලදී. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ විෂ‍ය චීනයේ ජාතික මට්ටමේ විෂයක් ලෙස ලැයිස්තුගත කළ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

දැනට මෙම පීඨයේ සේවය කරන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුගෙන් සමන්විත වේ. මින් 5 දෙනෙකු මහාචාර්යවරුන් වන අතර 12 දෙනෙකු සහය මහාචාර්යවරුන් වේ. ඉන් 80% කට ආචාර්ය උපාධි ඇති අතර 50% වසරකට වැඩි කාලයක් විදේශ අධ්‍යයන අත්දැකීම් ලබා ඇත. මීට අමතරව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර විශේෂඥයින් දෙදෙනකු සේවය කරන අතර කෙටි කාලීන ජාත්‍යන්තර විශේෂඥයින්, ආරාධිත මහාචාර්යවරුන්, මෙම විශ්වවිද්‍යලයේ අනෙකුත් පීඨවල ආචාර්යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස කටයුතු කරන ආදි විද්‍යාර්ථින් ද මෙහි දේශන කිරීම සඳහා ආරාධනා කෙරේ.

දැනට මෙමපීඨයටදේශපාලනවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපතිඋපාධිය ප්‍රදානය කිරීම සඳහා බලය ඇත. චීනහාවිදේශරටවල දේශපාලනපද්ධතිය, ජාත්‍යන්තරසබඳතා, ජාත්‍යන්තර දේශපාලනය, රාජ්‍ය තාන්ත්‍රිකසබඳතා, කලාපීයඅධ්‍යයනය, පොදුරාජ්‍ය තාන්ත්‍රිකසබඳතා යන විෂයන් හයක් වෙනුවෙන් ශාස්ත්‍රපතිඋපාධිය ප්‍රදානය කෙරේ. එසේ ම ජාත්‍යන්තරසබඳතා සහ කලාපීයඅධ්‍යයනය යන විෂයන් දෙකක් වෙනුවෙන් දර්ශන විශාරදඋපාධිය ද ප්‍රදානය කළ හැක. එබැවින් ප්‍රථම උපාධියේ සිට දර්ශන විශාරදඋපාධිය දක්වා අංග සම්පූර්ණ විද්‍යාර්ථීන් බිහි කිරීමේ පද්ධතියක් මෙම පීඨයේ ඇත.

2014 දී විශ්වවිද්‍යාලය විසින් දේශපාලනය හා පරිපාලනය යන විෂයන් දෙක ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙමින් නවක සිසුන් බඳවා ගැනීම පටන් ගෙන ඇත. සෑම වසරකම ප්‍රථම උපාධිය සඳහා චීන අපේක්ෂකයින් 96ක් ද විදේශ අපේක්ෂකයින් 15-20 අතර ප්‍රමාණයක් ද ශාස්ත්‍රපතිඋපාධිය සඳහා චීන අපේක්ෂකයින් 40-45 අතර ප්‍රමාණයක් ද විදේශ අපේක්ෂකයින් 15-20 අතර ප්‍රමාණයක් ද දර්ශන විශාරදඋපාධි අපේක්ෂකයින් 4-6 අතර ප්‍රමාණයක් ද බඳවා ගැනේ. එසේ ම විශ්වවිද්‍යාලයේ වෙනත් පීඨවලින් පැමිණි ජාත්‍යන්තර සම්බන්ධතා සිය දෙවෙනි ප්‍රධාන විෂය ලෙස හදාරන සිසුන් 35-40 අතර ප්‍රමාණයක් ද බඳවා ගැනේ.

පාඨමාලා සකස් කිරීමේදී මෙම පීඨය, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කැපීපෙනෙ ලක්ෂණ කේන්ද්‍ර කර ගනිමින් විෂයන් හා විදේශ භාෂා ප්‍රවීනත්වය යන අංග දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. ප්‍රථම උපාධිය ඉගැන්වීමේදී චීන භාෂාවෙන් උගන්වන පාඨමාලා, ද්විත්ව භාෂා පාඨමාලා

සහ ඉංග්‍රීසියෙන් උගන්වන පාඨමාලා යනුවෙන් සමානුපාතික ව වර්ග තුනට බෙදා දැක්විය හැකිය. පීඨයේ සිසුන් ඉංග්‍රීසි භාෂා සහ සාහිත්‍ය සිය දෙවෙනි ප්‍රධාන විෂය ලෙස හැදෑරිය යුතු අතර අට‍‍වෙනි විශේෂවේදී ඉංග්‍රීසි පරීක්ෂණයෙන් සමත් විය යුතු ය. සිසුන් අධ්‍යයන කටයුතු අවසන් කොට විශ්වවිද්‍යලයෙන් පිට වී යන විට චීන ජාතික මණ්ඩලය මගින් ප්‍රදානය කරනු ලබන නීතිය පිළිබඳ ප්‍රථම උපාධි සහතිකය, විශ්වවිද්‍යාලය විසින් ප්‍රදානය කරනු ලබන නීතිය සහ සාහිත්‍යය පිළිබඳ ද්විත්ව ප්‍රථම උපාධිය ද ලබාගත හැක. ‍එසේ ම ජාත්‍යන්තර ශස්ත්‍රපති උපාධි පාඨමාලා සියල්ල ම ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වනු ලැබේ.

දෙස් විදෙස් විශ්වවිද්‍යාල දහයකට වැඩි ප්‍රමාණයක් සමග ජාත්‍යන්තර සම්බන්ධතා හා රාජ්‍ය තාන්ත්‍රික පීඨය සමීප සබඳතා පවත්වයි. ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලය සමග“3+2”( වසර තුනක් චීනයේ සහ වසර දෙකක් ඇමෙරිකා‍වේ ) යන ශාස්ත්‍රවේදි -ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් ආරම්භ කොට ඇති අතර ඇමෙරිකාවේ ඩෙන්වර් විශ්වවිද්‍යලය,රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යලය යන විශ්වවිද්‍යල සමග ඒකාබද්ධ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ආරම්භ කොට ඇත. තායිවාන් දේශපාලන විශ්වවිද්‍යාලය, චුං චෙං විශ්වවිද්‍යාලය, තායිවාන් ගුරු පුහුණු විශ්වවිද්‍යාලය වැනි තායිවානයේ විශ්වවිද්‍යාල සමග කෙටි කාලීන සිසු හුවමාරු වැඩසටහන් ද ආරම්භ කොට ඇත. මේ අතර මෙම පීඨය විදේශ අධ්‍යයන ආයතන සමග ශාස්ත්‍රීය හුවමාරු වැඩසටහන් ද පිහිටුවා ඇත. සෑම වසරකම ආචාර්යවරුන් යම් පිරිසක් විදේශ අධ්‍යයන හෝ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණවලට සහභාගි වීම සඳහා විදේශ ගත වේ. එමෙන් ම විදේශ විශේෂඥයින් සහ විද්‍යාර්ථින් විශාල සංඛ්‍යාවක් ද ශාස්ත්‍රීය හුවමාරු කටයුතු සඳහා මෙම පීඨයට පැමිණේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC