Beijing Foreign Studies University

ජර්මානු භාෂා අධ්‍යයන පීඨය

发布时间:2019-05-10

ජර්මානු භාෂා අධ්‍යයන පීඨය ස්ථාපිත කෙරුණේ වසර 1950දීය. ඒ වකවානුවේ ගුරුවරුන් දෙදෙනෙක් සහ සිසු සිසුවියන් 14 දෙනෙක් සිටියහ. වසර 2002දී මෙම පීඨයේ ජර්මානු අධ්‍යයන විෂය ධාරාව චීන රාජ්‍ය මණ්ඩලය මගින් ජාතික මට්‍ටමේ ප්‍රධාන විෂය ධාරාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

ජර්මානු සාහිත්‍යය, ජර්මානු භාෂාව, පරිවර්තන විෂය, අන්තර්-සංස්කෘතික අධ්‍යයනය, ජර්මනියේ රාජ්‍යතාන්ත්‍රය සහ ආර්ථිකය, ජර්මානු භාෂා අධ්‍යයනය යන විෂය ධාරා හය මෙම පීඨයේ උගන්වනු ලැබේ. සමාජයට අවශ්‍ය වන ඉහල ගුණාත්මක සහ බහුවිධ නිපුණතා සහිත ප්‍රවීණයන් ඇති කිරීම මෙහි පරමාර්ථයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම විටම ප්‍රමුඛ ස්ථානයේ තබා ඔවුන්ගේ කැමැත්තට අනුව ඉගෙනීමේ අවස්ථාව ලබා දී තිබේ. තුන් වන සහ හතර වන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ කැමැත්ත මත ජර්මානු සාහිත්‍යය, ජර්මානු භාෂාව, පරිවර්තනය, අන්තර්-සංස්කෘතිය, රාජ්‍යතාන්ත්‍රය, ආර්ථිකය යන ක්ෂේත්‍ර 6යෙන් 4ක් තෝරා ගෙන අනිවාර්ය පාඨමාලාව ලෙස අධ්‍යයනය කළ හැකිය.

මෙම පීඨයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 37 දෙනෙක් සිටිති. ඒ අතරින් 33 දෙනෙකු වෘත්තීය ගුරුවරුන් ය. ආචාර්ය උපාධිය හිමි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 29කි. මහචාර්යවරුන් 8 දෙනෙක් අතරින් 6 දෙනෙකුට ආචාර්ය උපාධි සිසුන් මෙහෙයවීමේ සුදුසුකම් ඇත. උප මහචාර්යවරුන්ගේ සංඛ්‍යාව 11කි. වසර 2015දී සරසවි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 345කි. පශ්චාත් උපාධි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 92කි. ආචාර්ය උපාධි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 25කි.

පර්මානු භාෂා අධ්‍යයන පීඨය පර්මනියේ හෙයිඩෙල්බර්ග් විශ්ව විද්‍යාලය (Universität Heidel­berg), ගොට්ටින්ගන් විශ්ව විද්‍යාලය (Georg-August-University of Göttingen), යෙනා විශ්ව විද්‍යාලය (Friedrich-Schiller-Universität Jena), පාස්සෝ විශ්ව විද්‍යාලය (Universität Passau), මියුනිච් භාෂා පරිවර්තන විශ්ව විද්‍යාලය (SDI München) සහ ඕස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලය (University of Vienna) සමග අන්තර්-විශ්ව විද්‍යාල සහයෝගිතා සම්බන්ධතා ගොඩ නගා ඇත. ජර්මානු භාෂා අධ්‍යයන පීඨය වාර්ෂිකව එම විදේශ විශ්ව විද්‍යාලවලට සිසු සිසුවියන් යවන අතර එම විශ්ව විද්‍යාලවල විදේශ සිසු සිසුවියන් ද පිළි ගනී. වසර 2008 සිට මෙම පීඨය නන්ජිං විශ්ව විද්‍යාලය සහ ගොට්ටින්ගන් විශ්ව විද්‍යාලය (Georg-August-University of Göttingen) සමග එක්ව චීන-ජර්මානු අන්තර්-සංස්කෘතික ජර්මේනියම් විද්‍යාව පිළිබඳ ද්විත්ව පශ්චාත් උපාධි සිසු සිසුවියන්ට අධ්‍යයනය ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය. එහි සිසු සිසුවියන්ට චීන-ජර්මානු ද්විත්ව පශ්චාත් උපාධිය පිරිනැමෙයි. එබඳු ද්විත්ව ආචාර්ය උපාධි සිසු සිසුවියන්ට අධ්‍යයනය ලබා දීමේ සහයෝගිතාව මෙම පීඨය සහ භාෂා අධ්‍යයනය පිළිබඳ ජර්මානු ජාතික ඇකඩමිය හා මෑන්හෙයිම් විශ්ව විද්‍යාලය (Universität Mannheim) අතර ද පවතී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC