Beijing Foreign Studies University

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සැමරීම සඳහා “එක් තීරයක් එක් මාවතක්” ඉහළ පෙළ සංසදය කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේදී පැවැත්වින

发布时间:2023-02-11

දෙසැම්බර් මස 22 දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ හොන්හෙ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව වී පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය විසින් චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සැමරීම සඳහා “එක් තීරයක් එක් මාවතක්” ඉහළ පෙළ සංසදය පැවැත්වීය. එම සංසදයට 200කට වැඩි පිරිසක් සහභාගී විය.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් වන Yang Da, චීනයේ ජාත්‍යන්තර චීන භාෂාව අධ්‍යාපන පදනමේ උප සභාපති සහ මහලේකම් වන Zhao Lingshan, යුන්නාන් පළාතේ හොන්හෙ ජාතික සහ යි ජාතික ස්වයං පාලන ප්‍රදේශයේ නියෝජ්‍ය ආණ්ඩුකාරයා වන Lyu Ji, හොන්හෙ විශ්වවිද්‍යාලයේ උප සභාපති වන Zhang Yongjie, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක වන Zhang Yingbao, යුන්නාන් පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විදේශ හුවමාරුව සහ සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂ වන Wang Yuan, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ කාර්යාලයේ අධ්‍යක්ෂ වන Jin Limin යන මහත්මීන් සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

2022 වසර යනු චීනය සහ ශ‍්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ ජාතීන් දෙක අතර රබර් සහ සහල් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරයයි, කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය මෙම ඉහළ පෙළ සංසදය පැවැත්වීම සහ "එක් තීරයක් එක් මාවතක්" පිළිබඳ රටවල් විද්වතුන්ට "එක් තීරයක් එක් මාවතක්" පිළිබඳ ප්‍රායෝගික සහයෝගීතාව සාකච්ඡා කිරීමට ආරාධනා කිරීම ඉතා වැදගත් බව සමාරම්භක උත්සවයේදී Yang Dan මහතා පැවසීය. බෙයිජිං විදේශ භාෂා විෂ්වවිද්‍යාලය මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් සංකල්පයෙන් මඟ පෙන්වනු ලබන බවත්, "එක් තීරයක් එක් මාවතක්" යන ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරන බවත්, ගෝලීය විදේශ භාෂා අධ්‍යාපන සහයෝගීතාව ප්‍රවර්ධනය කරන බවත්, මානව භාෂාවල සහජීවනය, හුවමාරු සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ කොන්ෆියුසියස් ආයතන හතර ශ්‍රී ලාංකිකයින්ට චීන භාෂාව ඉගෙන ගැනීමට සහ චීනය පිළිබඳ අවබෝධ කර ගැනීමට වැදගත් වේදිකාවක් වී ඇති බව Zhao Lingshan මහතා පෙන්වා දුන්නේය. “21වැනි සියවසේ මුහුදු සේද මාවත” වැඩපිළිවෙළ යටතේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය වර්ධනය කිරීම, කොන්ෆියුසියස් ආයතනවල සංවර්ධනය වෙනුවෙන් දැඩි ලෙස සහයෝගය දැක්වීම සඳහා චීනයේ සහ ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට පදනම කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්. ඩී කරුණාරත්න සහ ජාත්‍යන්තර උපාය මාර්ග පිළිබඳ ජාතික ආයතනයේ ආසියා පැසිෆික් සංස්කෘතික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වන Xu Liping යන මහත්වරුන් මෙහිලා දේශන පැවැත්වූහ. විද්වතුන්ට පුළුල් හා ගැඹුරින් අදහස් හුවමාරු කරගැනීම සඳහා මෙම සංසදය උප සංසද තුනක් යටතේ පවත්වන ලදී. චීනය, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 20 කට ආසන්න ප්‍රමාණයක විද්වතුන් උප සංසදවල තේමාව වටා දේශන පැවැත්වූ අතර, "එක් තීරයක් එක් මාවතක්" පිළිබඳ රටවල් අතර අධ්‍යාපනය, සංස්කෘතිය, ආර්ථිකය සහ වෙළඳාම පිළිබඳ සහයෝගිතාව පිළිබඳව ඒකාබද්ධව සාකච්ඡා කළහ.

සමාප්ති උත්සවයේදී, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලසන්ත මානවඩු මහතා විසින් සමාප්ති දේශනය සිදු කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ චීන අධ්‍යක්ෂ මහාචාර්ය Ma Zhongwu මහතා සමාප්ති කතාව සිදුකරන ලදී .


 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC