Beijing Foreign Studies University

BFSU හි විදේශීය අචාර්යවරයෙකු ග්ලෝබල් ටයිම්ස් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක නියැලෙමින් චීනයේ තම ජීවන අත්දැකීම් බෙදා ගනී

发布时间:2022-11-16

ඉන්දියානු ජාතික ගුරුවරයා පසුගිය දශකය තුළ චීනයේ කැපී පෙනෙන වර්ධනය සිහිපත් කරයි, වඩවඩාත් ජනතාව අතර හුවමාරුවීම් ඉල්ලා සිටී” (“Indian expat recalls China's remarkable growth over last decade, calls for more people-to-people exchanges”) මැයෙන් ලිපියක් ඔක්තෝබර් මස 26 වන දින ග්ලෝබල් ටයිම්ස් ඉංග්‍රීසි සංස්කරණයේGlobal Timesපළ කෙරිණ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන පීඨයේ හින්දි භාෂා අංශයේ විදේශීය අචාර්යවරයෙකු වන ආචාර්ය Vikash Kumar Singh මෙළෙස විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වී තවත් චීනයේ දී ලබාගත් වටිනා අත්දැකීම් ඉදිරිපත් කොට ති‌බේ.

2018 වසරේ සිට ආචාර්ය Vikash Kumar Singh BFSU හි හින්දි භාෂා අංශයේ විදේශීය ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට පටන් ගත් බව මේ වන විට ඔහු වසර දහයකට වැඩි කාලයක් චීනයේ අධ්‍යාපනය ලබමින් සේවය කරන බව ලිපියේ සඳහන් වේ.  ඉගැන්වීමේ දී, ආචාර්ය Vikash Kumar Singh හින්දි භාෂාව සහ ඉන්දීය සංස්කෘතිය පිළිබඳව උගන්වනු ලබන අතර ඔහු චීන සංස්කෘතිය අධ්‍යයනයට කැප වූවෙකි. සුප්‍රසිද්ධ චීන ලේඛකයෙකු වන ජියා පිංවාගේ "Qin Opera" නවකතාවේ හින්දි පිටපත පරිවර්තනය කිරීමට ඔහු වසර දෙකක් වැනි කාලයක් ගත කළේය. චීනයේ සංවර්ධනය අත්විඳ ඇති අයෙකු ලෙස, මෑත වසරවල චීනයේ සිදු වූ දැවැන්ත වෙනස්කම්, විශේෂයෙන් 5G තාක්ෂණය, අධිවේගී දුම්රිය ඉදිකිරීම්, -වාණිජ්‍යය, දරිද්‍රතාවය පිටුදැකීම සහ වෙනත් ක්ෂේත්‍රවල ජයග්‍රහණ පිළිබඳව ඔහු පුදුමයට පත් විය. ලෝකයේ අනෙකුත් රටවල් වුවත් චීන සංස්කෘතිය ඉගෙනීම වටී යැයි පැවසූ ඔහු, පශ්චාත් කොවිඩ්-19 වසංගත යුගයේ චීනය සහ ඉන්දියාව අතර සංස්කෘතික හුවමාරුව නව ජවයකින් සහ ජීව ශක්තියකින් හෙබි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.

එම ලිපියේ ලින්ක්: https://www.globaltimes.cn/page/202210/1278054.shtml


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC