Beijing Foreign Studies University

මලයා සරසවියේ කොන්ෆියුසියස් ආයතනයේ 10 වැනි සභාවාරය පැවැත්විණි

发布时间:2022-11-06

ඔක්තෝබර් මස 13 වන දින, මලයා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ 10 වන සභා රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්විණි. මලයා විශ්වවිද්‍යාලයේ උප සභාපති මහාචාර්ය ආචාර්ය යතිමා මහතා, සහකාර උප කුලපති මහාචාර්ය යොං සුලිනා සුබයිරි මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ උප කුලපති ජියා වෙන්ජියන් මහතා, කොන්ෆියුසියස් ආයතන කාර්යාලයේ අධ්‍යක්ෂ ජින් ලිමින් මහතා, ආසියානු විද්‍යාලයේ පීඨාධිපති සු යින්ග්යිං මහත්මිය සහ අනෙකුත් අධ්‍යක්ෂවරු මෙම රැස්වීමට සහභාගී වූහ. කොන්ෆියුසියස් ආයතනයේ චීන අධ්‍යක්ෂ ජූලි මහතා සහ කොන්ෆියුසියස් ආයතනයේ මැලේසියානු අධ්‍යක්ෂවරිය වන සහකාර මහාචාර්ය එරින් මහත්මිය යනාදිහු මෙම රැස්වීමට සහභාගී විය.

විනය ගොඩනැගීම, දක්ෂතා පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණ සහ සම්පත් හුවමාරු කරගැනීම යන අංශයන්ගෙන් විශ්ව විද්‍යාල දෙක සහයෝගිව කටයුතු කිරීමට මෙන්ම චීනය සහ මැලේසියාව අතර අධ්‍යාපනික හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද සබැඳියක් ලෙස මලයා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය භාවිතා කරනු ඇතැයි ජියා වෙන්ජියන් මහතා තම අපේක්ෂාව පළ කරන ලදී. යඩිමා මහතා කොන්ෆියුසියස් ආයතනය විසින් සිදු කරන ලද කාර්යය ඇගයීමට ලක්කරමින් කොන්ෆියුසියස් ආයතනයට ලබා දෙන ලද ශක්තිමත් සහයෝගය උදෙසා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය වෙත තම ස්තුතිය පළ කර  සිටියේය.

මලයා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය 2009 වසර ජූලි 8 වන දින ආරම්භ කරන ලදී. එය බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය සහ මැලේසියාවේ මලයා විශ්ව විද්‍යාලය එක්ව ඉදිකරන ලදී. එය 2010 වසර මාර්තු මස සිට ක්‍රියාත්මක වේ. 2019 වසරේදී පැවති ජාත්‍යන්තර චීන අධ්‍යාපන සමුළුවේදී එයට "උසස් කොන්ෆියුසියස් ආයතනය" නමැති ගෞරවය පිරිනමන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC