Beijing Foreign Studies University

“එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙළ ක්‍රියාත්මක රටවල සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ ග්‍රන්ථ මාලාවේ වෙළුම් 20 ක් එළි දැක් වීම

发布时间:2022-10-20

මෑතකදී, “එක් තීරයක්, එක් මාවතක්වැඩපිළිවෙළ ක්‍රියාත්මක රටවල් සහ කලාපවල සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ ග්‍රන්ථ මාලාවට (මෙතැන් සිට ග්‍රන්ථ මාලාවලෙස හැඳින්වේ) අයත් ඉන්දියානු සංස්කෘතිය සහ අධ්‍යාපනය, “ඉරාන සංස්කෘතිය සහ අධ්‍යාපනය, “කියුබානු සංස්කෘතිය සහ අධ්‍යාපනයසහ කෙන්යානු සංස්කෘතිය සහ අධ්‍යාපනයඅනුපිළිවෙලින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ග්‍රන්ථ මාලාව ඇල්බේනියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, ඇන්ගෝලා, උතුරු මැසිඩෝනියාව, කොංගෝ ජනරජය, කියුබාව, කෙන්යාව, මොංගෝලියාව, මොරොක්කෝව, මොසැම්බික්, නේපාලය, සෙනෙගල්, ටජිකිස්ථානය, ටැන්සානියාව, යුක්රේනය, සිංගප්පූරුව, ඉරානය, ඉන්දියාව සහ ජෝර්දානය ඇතුළුව එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙළ ක්‍රියාත්මක රටවල් 20ක ජාතික තත්ත්වයන්, සංස්කෘතික සම්ප්‍රදායන් සහ අධ්‍යාපන ඉතිහාසය ආවරණය කරයි. පෙර පාසල් අධ්‍යාපනය, මූලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිපත්ති, අධ්‍යාපන පරිපාලනය මෙන්ම චීනය සමඟ සිදු වූ අධ්‍යාපනික හුවමාරුව ද මෙම ග්‍රන්ථ මාලාවට ඇතලත්ව තිබේ. එය එම රටවල සංස්කෘතික සහ අධ්‍යාපනික සාමාන්‍ය තත්ත්වයන් පාඨකයන්ට වටහා ගැනීමට ආධාරයක් වන්නා සේම චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා යොමුව හා යෝජනා ගෙන එනු ලබයි.

 

   

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC