Beijing Foreign Studies University

"ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (ඉංග්‍රීසි අනුවාදය) හි පළමු කලාපය එළිදැක්වීමේ උත්සවය සහ අධ්‍යයන සම්මන්ත්‍රණය BFSU හි පැවැත්වේ

发布时间:2022-09-15

අගෝස්තු මස 26 වන දින, FLTRP හි අනුග්‍රහකත්වය යටතේ,ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමය සහ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් ඒකාබද්ධ සත්කාරකත්වය සපයන ලද "ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (ඉංග්‍රීසි අනුවාදය) හි පළමු කලාපය එළිදැක්වීමේ උත්සවය සහ අධ්‍යයන සම්මන්ත්‍රණය BFSU හි පැවැත්විණි. ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ සභාපති Liu Yandong මෙනවිය මෙම සමුළුවට ලිඛිත දේශනයකින් සුභ පැතුම් යැවීය.

ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වන Chen Lai, ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ උප සභාපතිවරුන් වන වැන්ග් නියානිං Wang Nianning, Zhang Xuezhi, Li Yan, Wang Xuedian, An Lezhe, ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ මහලේකම් වන Jia Deyong, "ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (ඉංග්‍රීසි අනුවාදය) හි ප්‍රධාන කර්තෘ, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ කුලපති වන Yang Dan, අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් සහ ප්‍රකාශන අංශයේ අධ්‍යක්ෂ වන Chen Rui, විදේශ පර්යේෂණ සමූහයේ (FLTRP) පාලන මණ්ඩලයේ සභාපති සහ විදේශ පර්යේෂණ ආයතනයේ සභාපති වන Wang Fang යන මහත්මමහත්මීන් මෙම උත්සවයට සහභාගී වූහ. Chen Rui, Chen Lai, Jia Deyong සහ Yang Dan විසින් "ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (ඉංග්‍රීසි අනුවාදය) හි පළමු කලාපය එළිදක්වන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ ස්ථාවර කාරක සභාවේ සාමාජික සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති Zhao Gang මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

"ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" යනු ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමයේ වැදගත් ප්‍රකාශනයක් වන අතර එය විවිධ රටවල ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම, ශාස්ත්‍රීය නවෝත්පාදනයන් මෙහෙයවීම, විශිෂ්ට පර්යේෂණ ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීම සහ මිනිසුන් අතර බැඳීම් ගොඩනැගීම සඳහා වැදගත් පාලමකි. 2021 වසරේ මැයි මාසයේදී ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමය සහ සිංහුවා විශ්ව විද්‍යාලය එක්ව "ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (චීන අනුවාදය) එළිදක්වන ලදී. ඉංග්‍රීසි අනුවාදයේ ප්‍රකාශනය කොන්ෆියුසියස්වාදය සහ චීන සාම්ප්‍රදායික සංස්කෘතිය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තිය සහ ප්‍රවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වර්තමාන ලෝක ගැටලු සහ අර්බුද විසඳීම සඳහා චීන ප්‍රඥාව සහ චීන චින්තනය සපයයි. එමෙන් එය කොන්ෆියුසියස්වාදය සහ චීන සාම්ප්‍රදායික සංස්කෘතිය අධ්‍යයනය කරන විවිධ රටවල විද්වතුන්ට මතවාදී නවෝත්පාදනයන් සහ අදහස් හුවමාරුව සඳහා මනා වේදිකාවක් ගොඩනඟයි.

 

ඉංග්‍රීසි වාර්තා සබැඳියhttp://en.bfsu.edu.cn/2022/08/29/c_173563.htm


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC