Beijing Foreign Studies University

BFSU විශාරද Xue Qingguo මහතා: මිත්‍රත්වය පමණක් ලෝකයේ වස්තුවයි

发布时间:2022-09-11

අගෝස්තු මස 16දින, ජාත්‍යන්තර පීපල්ස් ඩේලි පුවත්පතේ 18 වන සංස්කරණයේ, "පරිවර්තක පොත" කොටසේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අරාබි විද්‍යාලයේ මහාචාර්ය Xue Qingguo මහතා ලිපියක් පළ කරමින් මිත්‍රත්වය පමණක් ලෝකයේ වස්තුව බව ප්‍රකාශ කළේය.

මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ Xue Qingguo මහතා සහ සුප්‍රසිද්ධ සිරියානු කවියෙකු වන ඇඩෝනිස් අතර කවිය හරහා ඇති මිත්‍රත්වයයි. 2009දී එය ප්‍රකාශයට පත් කළ දා සිට, Xue Qingguo මහතා විසින් පරිවර්තනය කරන ලද " මගේ තනිකම උයනකි" නමැති කාව්‍ය සංග්‍රහයේ ඇඩෝනිස්ගේ පළමු චීන අනුවාදය 30 වතාවකට වඩා නැවත මුද්‍රණය කර ඇති අතර වසර ගණනාවක් තිස්සේ එය චීන කවි කවවල දක්නට නොලැබෙන සංසිද්ධියක් හා ආශ්චර්යයක් බවට පත් විය. ඇඩෝනිස් ද තම කවිය නිසා චීනයට ළං විය. ඔහු 10 වතාවක් චීනයේ විවිධ උත්සවවලට සහභාගි වී ඇත.චීනය සමඟ සමීපතම සබඳතාවයක් ඇති චීනයට මෘදු තැනක් ඇති ජාත්‍යන්තර කවියෙකු ලෙස ඔහු සැලකිය හැකිය.  2018 දී, ඇඩෝනිස් ඔහුගේ චීන සංචාරයෙන් ඔහුගේ හැඟීම් සහ සිතුවිලි මත පදනම්ව චීන තේමා කාව්‍ය එකතුවක් වන "ඔස්මන්තුස්" නිර්මාණය කළේය. මෙම කාව්‍ය සංග්‍රහයේ චීන පිටපත ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ඔහු වෙළුමේ ඉදිරිපස " Xue Qingguo මහතා වෙත කැප කර ඇත " යනුවෙන් ලිවීමට අවධාරනය කළේය.මෙම අද්විතීය ආකාරයෙන් ඔහු පරිවර්තක Xue Qingguo මහතා වෙත තම දිරිගැන්වීම සහ ආදරය මෙන් ම චීන ජනතාවට ආදරය හා ගෞරවය ප්‍රකාශ කළේය. චීන පරිවර්තකයින් සහ අරාබි කවියන් අතර මෙම ගැඹුරු මිත්‍රත්වය චීන හා විදේශීය සාහිත්‍ය හුවමාරු ඉතිහාසයේ හොඳ කතාවක් ඉතිරි කර ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC