Beijing Foreign Studies University

BFSU "අලංකාරය සහ සංස්කෘතිය" මැයෙන් වූ රුසියානු ගිම්හාන කඳවුරු වැඩසටහන ආරම්භ වේ

发布时间:2022-08-22

අගෝස්තු මස පළමුවන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ "අලංකාරය සහ සංස්කෘතිය" මැයෙන් වූ චීන භාෂාව ඉගෙනීමේ රුසියානු ගිම්හාන කඳවුරු වැඩසටහන මාර්ගගත ආරම්භ කරන ලදී. මොස්කව් ප්‍රාන්ත වාග් විද්‍යා විශ්ව විද්‍යාලයේ උප සභාපති Innara Guseynova මෙනෙවිය, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ ස්ථාවර කාරක සභාවේ සාමාජික සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති Jia Wenjian මහතා, රුසියා අධ්‍යයන පීඨයේ මහාචාර්ය Li Yingnan මෙනෙවිය, කොන්ෆියුසියස් ආයතනයේ කාර්යාලයේ අධ්‍යක්ෂ Jin Limin මෙනෙවිය සහ මොස්කව් ප්‍රාන්ත වාග් විද්‍යා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ චීන අධ්‍යක්ෂ Mei Chuncai මහතා යන මහත්මමහත්මීන් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූහ. සමාරම්භක උත්සවය BFSU රුසියා අධ්‍යයන පීඨයේ පාලන මණ්ඩලයේ සභාපති Huang Mei මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ චීන-විදේශීය භාෂා හුවමාරු සහ සහයෝගීතා මධ්‍යස්ථානයේ අරමුදල් සහායෙන්, FLTRP හි අනුග්‍රහකත්වය යටතේ, BFSU හි කොන්ෆියුසියස් ආයතනයේ කාර්යාලය විසින් පවත්වන ලද මෙම ගිම්හාන කඳවුරු වැඩසටහන රුසියානු චීන භාෂා ලෝලීන් සඳහා BFSU හි කොන්ෆියුසියස් ආයතනයේ කාර්යාලය විසින් විශේෂයෙන් සැලසුම් කරන ලද ජාතික සංස්කෘතික හුවමාරු වැඩසටහනකි. දින 8 ගිම්හාන කඳවුර චීන භාෂාව ඉගෙනීම සහ චීන සංස්කෘතික අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරන අතර රුසියානු කඳවුරුකරුවන්ගේ චීන භාෂා මට්ටම සහ රුචිකත්වයන් අනුව ප්‍රායෝගික චීන භාෂාව ඉගෙනුම් පාඨමාලා, පටිගත කිරීමේ අමතර පාඨමාලා සහ සංස්කෘතික දේශන මාලාවක් සකස් කර ඇත. එහි රුසියාවේ නගර 31 ක් තුළ පාසල් 60කට අධික සංඛ්‍යාවක සිසුන් 207ක් සහභාගි වූහ. ගිම්හාන කඳවුරු වැඩසටහනේ අරමුණ වන්නේ සංස්කෘතික හුවමාරු කිරීමේ වේදිකාවක් ගොඩනැගීම, චීන භාෂාව සහ සංස්කෘතිය ඉගෙනීමට රුසියානු ජනතාවගේ උනන්දුව උත්තේජනය කිරීම, චීන සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ගැඹුරු කර ගැනීම, දෙරට අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම, චීන-රුසියානු මිත්‍රත්වය සහ සංස්කෘතික සමෘද්ධිය ඒකාබද්ධ ප්‍රවර්ධනය කිරීමයි.

2022 වසරේ ගිම්හාන නිවාඩු කාලයේදී, කොන්ෆියුසියස් ආයතනයේ කාර්යාලය විසින් BFSU හි බහුභාෂා වාසි වලින් ප්‍රයෝජන ගනිමින් රුසියාව, වියට්නාමය, මැලේසියාව, ප්‍රංශ භාෂාව කතා කරන රටවල් සහ ප්‍රදේශ, අරාබි රටවල් සහ ප්‍රදේශ සඳහා ගිම්හාන කඳවුරු වැඩසටහන් 6 ක් හා ගෝලීය චීන භාෂා ඉගෙන ගන්නන් සඳහා ගිම්හාන කඳවුරු වැඩසටහන් 4 ක් ඇතුළුව "චීන භාෂා පාලම" මැයෙන් වූ මාර්ගගත සංස්කෘතික හුවමාරු වැඩසටහන් 10 ක් පවත්වනු ඇත. මේ වන විට ගිම්හාන කඳවුරු වැඩසටහන් 10 ක් සඳහා අයදුම්කරුවන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති අතර ගිම්හාන කඳවුරු 5 ක් විවෘත කර ඇත.



ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC