Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් 2022 වසරේ මූලික විදේශ භාෂා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළ ජාතික සංසදයක් ආරම්භ කිරීම

发布时间:2022-06-22

මැයි මස 13 වන දින, චීන අධ්‍යාපන සංගමයේ අධ්‍යයන සහායෙන්, FLTRP සහ BFSU ශාස්ත්‍රවේදී උපාධි ප්‍රවේශ කාර්යාලයේ අනුග්‍රහකත්වය යටතේ, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද 2022 වසරේ මූලික විදේශ භාෂා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළ ජාතික සංසදය ආරම්භ කරන ලදී.


චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනයේ ජාතික කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ නියෝජ්‍ය මහ ලේකම් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය සඳහා වූ චීන සංගමයේ මධ්‍යම කාරක සභාවේ උප සභාපති Zhu Yongxin මහතා විසින් “ ‘මහා අධ්‍යාපනය සහ මහා කියවීමමැයෙන් මූලික අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ නවෝත්පාදනයපිළිබඳ දේශනයක් ඉදිරිපත් කරනු ලැබිණ. එසේ ම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් Lv Yugang මහතා විසින් නවෝත්පාදනය තහවුරු කරමින් මූලික අධ්‍යාපනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ දේශනයක් ඉදිරිපත් කරන්නට යෙදිණ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා නව යුගයේ චීන මූලික අධ්‍යාපනයේ විදේශ භාෂා ගුරුවරුන්ගේ මෙහෙවර සහ වගකීම යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීය.

මෙම සංසදය අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර රට පුරා සිටින අධ්‍යාපන පරිපාලන දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාථමික හා ද්විතීයික ඉංග්‍රීසි ඉගැන්වීම් සහ පර්යේෂණ කාර්ය මණ්ඩලය සහ ප්‍රධාන ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ඉගැන්වීම් අධක්ෂකවරයන්, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂකයන් සහ වෘත්තිකයන්, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කුසලතා පුහුණු කඳවුරු සන්ධානයේ සාමාජිකයින් සහ චීන අධ්‍යාපන සංගමයේ සාමාජිකයින් විසින් නවෝත්පාදනය තහවුරු කරමින් කුසලතා වර්ධනය කිරීම - නව විෂයමාලා ප්‍රතිසංස්කරණ පසුබිම යටතේ මූලික විදේශීය භාෂා ඉගැන්වීමේ ප්‍රතිසංස්කරණ සහ ගුරු වෘත්තීය සංවර්ධනය" යන තේමාව පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් පවත්වන ලදී.

එසේ ම මෙම සංසදයේදී "මූලික විදේශ භාෂා වාර්ෂික පර්යේෂණ වාර්තාව සහ අධ්‍යාපනික සේවා විසඳුම් පත්‍ර නිකුත් කිරීම" යන තේමාව යටතේ විශේෂ ක්‍රියාකාරකම් ද පවත්වන ලදී.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC