Beijing Foreign Studies University

ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා වු BFSU ස්වේච්ඡා සේවය බීජිං නගරය සහ බීජිං ශීත ඔලිම්පික් සංවිධායක කමිටුවේ පැසසුමට ලක්වේ

发布时间:2022-05-02

බීජිං නගරය සහ බීජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටු විසින් පවත්වනු ලැබූ බීජිං ශීත ඍතු ඔලිම්පික් සහ ශීත ඍතු පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වූ සාරාංශ කිරීම සහ ප්‍රශංසා කිරීමේ රැස්වීම අප්‍රේල් 19 වන දින Shougang Wenguan මන්දිරයේදී පවත්වන ලදී.

මෙහිදී බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ශීත ඍතු ඔලිම්පික් ස්වේච්ඡා සේවා කණ්ඩායම සහ 2022 බීජිං ශීත ඔලිම්පික් සහ ශීත පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානය පිළිවෙලින් "බීජිං ශීත ඔලිම්පික් සහ ශීත පැරාලිම්පික් කැපී පෙනෙන කණ්ඩායම" යන මාතෘකාවෙන් පිදුම් ලැබීය. BFSU ශීත ඍතු ඔලිම්පික් ස්වේච්ඡා සේවකයන් වූ Liu Zhipeng සහ Ye Wenxiaoyu පිළිවෙලින් " බීජිං ශීත ඔලිම්පික් සහ ශීත පැරාලිම්පික් කැපී පෙනෙන පුද්ගලයින්" යන ශ්‍රීර්ෂය යටතේ සම්මානයට පාත්‍ර විය. BFSU සභාපති සහ පාලන මණ්ඩලයේ උප සභාපති Yang Dan මහතා රැස්වීමට සහභාගී වූ අතර, ගුරුවරුන් සහ සිසුවියන් 20 දෙනෙක් ශීත ඍතු ඔලිම්පික් ස්වේච්ඡා සේවකයන් නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූහ.

2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් සහ ශීත ඍතු පැරාඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය තුළ, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ වෘත්තීය ස්වේච්ඡා සේවකයන් 900කට අධික පිරිසක් සදහා සහභාගී වන ලදී. මෙහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය වෘත්තීය ස්වේච්ඡා සේවකයන් වැඩිම පිරිසක් දායක කරවනු ලැබූ විශ්වවිද්‍යාලය වේ. ඔවුන්ගේ සේවා සපයන ස්ථාන ලෙස Beijing සහ Zhangjiakou හි සියලුම ශීත ඔලිම්පික් උළෙලේ තරඟ පැවැත්වෙන ස්ථාන 10ක් සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ නේවාසිකාගාර 3ක්, සම්මාන පිරිනමන චතුරශ්‍රය, එමෙන් ශීත ඔලිම්පික් සංවිධායක කමිටු මූලස්ථානය, ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානය, කඳුකර ප්‍රවෘත්ති මධ්‍යස්ථානය සහ ඔලිම්පික් හෝටලය යනාදි තරඟ නොපැවැත්වෙන ස්ථාන 13ක් වේ. අතරම, BFSU ප්‍රමුඛත්වයෙන් ඉදි කරන ශීත ඍතු ඔලිම්පික් සේවා පහසුකම් සදහා වූ බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානය විසින් ශීත ඍතු ඔලිම්පික් සහ ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා කණ්ඩායම් ඇතුළු සියලුම පාර්ශ්වයන් සඳහා අවශ්‍ය භාෂා පරිවර්තන සේවා සපයන ලදී.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC