Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ උප සභාපති Sun Youzhong මහතා, චීන පරිවර්තක සංගමයේ 8 වන කවුන්සිලයේ විධායක උප සභාපති ලෙස තේරී පත් වේ

发布时间:2022-05-02

අප්‍රේල් 1 වැනිදා, චීන පරිවර්තක සංගමයේ අටවැනි සාමාජික සම්මේලනය බෙයිජිංහිදී පැවැත්විණි. මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Lv Yansong, චීන ජාත්‍යන්තර ප්‍රකාශන පරිපාලනයේ අධ්‍යක්ෂ Du Zhanyuan, චීන පරිවර්තක සංගමයේ හත්වන කවුන්සිලයේ සභාපති Zhou Mingwei සහ පරිවර්තක ජාත්‍යන්තර සංගමයේ සභාපති Kevin Quark මෙම සමාරම්භක උත්සවයේදී දේශන පැවැත්වූහ. සම්මේලනයේ නව කවුන්සිලය සහ ප්‍රමුඛ ආයතනය තේරී පත් විය. එහිදී Du Zhanyuan සභාපති ලෙසත්, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ උප සභාපති හා පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටුවේ සාමාජික Sun Youzhong, විධායක උප සභාපති ලෙස ලෙසත් තේරී පත් විය. ‌බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන Wang Kefei සහ Ren Wen විධායක අධ්‍යක්ෂවරුන් ලෙස තේරී පත් විය.

ජ්‍යෙෂ්ඨ පරිවර්තකයින් සහ චීන විදේශ පරිවර්තකයන් සඳහා ජයග්‍රහණ සම්මානය සම්මන්ත්‍රණයේදී ඇගයීමට ලක් විය. ‌ෙබයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ වැන්ග් ජුන් (ඉතාලි), වැන්ග් රූජින් (ඉංග්‍රීසි), ලී යින්ග්නන් (රුසියානු), ෂැන්ග් සයිලියැන්ග් (ඉංග්‍රීසි), ෂැං ෆෑන්ග් (ප්‍රංශ), හූ වෙන්ෂොං (ඉංග්‍රීසි), හැන් රුයික්ෂියෑං (ජර්මානු) ඇතුළු මහාචාර්යවරුන් හත් දෙනෙක් ජ්‍යෙෂ්ඨ පරිවර්තකයින්ලෙස ශූරතාව දිනා ගත්හ. ‌ෙබයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය හට "විශිෂ්ට සාමාජික ඒකකය" යන සම්මානය පිරිනමන ලද අතර, පරිවර්තන පිළිබඳ උසස් ආයතනයට "කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමේ උසස් කණ්ඩායම" ඇගයීමට ලක් විය.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC