Beijing Foreign Studies University

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් පැවැත්වූ සජීවී විකාශන වැඩසටහන් මාලාව සඳහා ආසියා අධ්‍යයන පීඨයේ සිංහල අංශයේ සිසුන් සහභාගී වේ

发布时间:2022-04-18

2022 මාර්තු 14 සහ 18 යන දිනයන්හීදී, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආසියා අධ්‍යයන පීඨයේ සිංහල අංශයේ ශිෂ්‍යාවන් වන Ding Minxing සහ Zhao Xin, චීන මාධ්‍ය සමූහයේ ආසියා අප්‍රිකා කලාපයේ භාෂා මධ්‍යස්ථානයේ සිංහල සේවය මගින් පවත්වනු ලැබූ සජීවී විකාශන වැඩසටහන් සඳහා සහභාගී විය. චීන මාධ්‍ය සමූහයේ ආසියා අප්‍රිකා කලාපයේ භාෂා මධ්‍යස්ථානයේ සිංහල සේවයේ ෆේස්බුක් වේදිකාවේ මෙම වැඩසටහන විකාශය කරන ලදී. වීඩියෝව විකාශය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබිණ. මෙහිදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ ඉතා විශාල සංඛ්‍යාවක් වැඩසටහන පිළිබඳ තම කැමැත්ත පළ කළහ. මෙම සජීවී වැඩසටහන් මෙහෙයවනු ලැබුවේ චීන මාධ්‍ය සමූහයේ ආසියා අප්‍රිකා කලාපයේ භාෂා මධ්‍යස්ථානයේ සිංහල සේවයේ සාමාජිකයකු සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ 2004 ආදි ශිෂ්‍යාවකු වූ Liu Hui මෙනවිය විසිනි.

එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් වන ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන හුවමාරු ඉතිහාසයක් පවතින අතර දෙරට ජාතීන් අතර ගැඹුරු මිත්‍රත්වයක් ද පවතී. 1961 වසරේදී ආරම්භ කරන ලද බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය විසින් පසුගිය වසර 60 තුළ සිංහල භාෂා ඥානයෙන් හෙබි කැපී පෙනෙන වෘත්තිකයන් 100කට අධික පිරිසක් බිහි කර ඇත. 2019 වසරේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ජාතික පළමු පන්තියේ උපාධි අපේක්ෂක විෂය ඉදිකිරීම් ස්ථාන පළමු කණ්ඩායම ලෙස තෝරා ගන්නා ලදී. සිංහල හාෂා උපාධිධාරීන් රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථිකය, අධ්‍යාපනය සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වන අතර චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ උරුමය සහ වර්ධනය සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ප්‍රඥාව සහ ශක්තිය දායක කර ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC