Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් "මාර්තු 8 සැමරීම, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සිහින ගොඩ නැගීම" වැඩසටහන පැවැත්වීම

发布时间:2022-03-13

112 වන "මාර්තු 8" ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම, නව යුගයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආචාරියවරියන්ගේ විලාසිත ශෛලිය සම්පූර්ණයෙන්ම නිරූපණය, ගුරුවරියන්ට හොඳින් සැලකීම උදෙසා මෙම වැඩසටහන පවත්වන ලදී. පාසල් සංගමය මෙහිදී ප්‍රමුඛත්වය ගන්නා ලද අතර, ආදි ශිෂ්‍ය කාර්යාලය, පදනම සංගමය, ආයතනික වෘත්තීය සමිතිය ඒකාබද්ධව "මාර්තු 8 සැමරීම, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සිහින ගොඩ නැගීම" සැමරීම විවිධ ක්රියාකාරකම් යටතේ පවත්වන ලදී.

මාර්තු 8 දින මධ්‍යහනයේදී "මාර්තු 8" උත්සවයේ කටයුතු හා පීඨ නිවහන නිල වශයෙන් විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවට පක්ෂ කමිටුවේ ලේකම් Wang Dinghua මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ සභාපති Yang Dan මහතා, පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සභික, උප සභාපති සහ පාසල් වෘත්තීය සමිතියේ සභාපති Ding Hao ඇතුළු සමිභාවකීය පිරිසක් මීට සහභාගී වූහ.

මෙහිදී Wang Dinghua මහතා විසින් විශ්වවිද්‍යාලයේ සියළුම කාන්තාවන් වෙත සුබ පැතුම් ඒක් කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ Wang Dinghua මහතා කාර්ය මණ්ඩලය සඳහා නව නිවස්නයක් ඉදිකිරීම සඳහා පාසල් ඉතිහාස කෞතුකාගාරයේ පැරණි ස්ථානය භාවිතා කිරීම පාසල් පක්ෂ කමිටුවේ "ප්‍රායෝගික කරුණු දහයෙන්" එකක් ලෙස සඳහන් කරන ලදී.

අනාගතයේ දී, පාසල් සංගමය කාන්තා පීඨ සාමාජිකයින්ගේ සංස්කෘතික ජීවිතය පොහොසත් කිරීම, කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් රැකබලා ගැනීම, කාන්තා පීඨ සාමාජිකයින්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ කාන්තා පීඨ සාමාජිකයින්ට දුෂ්කරතා, ගැටළු විසඳීම සඳහා ප්‍රායෝගික  පියවර ගැනීමට සහය වනු ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC