Beijing Foreign Studies University

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ගම්මානය වෙනුවෙන් අලංකාර ම නාම කාඩ්පත

发布时间:2022-02-12

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් නිළ වෙබ්අඩවිය පෙබරවාරි මස 10වන දින වාර්තා කළ පරිදි, චීන අලුත් අවුරුදු පළමුවන දින ගෞ ෂ්‍යඕෆන් ජංගම දුරකථනයෙන් සිය වැඩ අවසන් කිරීමෙන් පසු වෙලාව බැලුවා ය. වෙලාව උදෑසන 6 ලෙස සටහන් විය. මෙදින ඇගේ උපන්දිනය විය. ඇය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල ස්වෙච්ඡා සේවිකාවක් වන අතර මෙවර යුක්‍රේනියානු කණ්ඩායමේ සහකාර සේවිකාවක් ලෙස සේවියෙහි නිරත වේ. මෙදින ඇයට ඉතා සාමාන්‍ය දිනයකි. ඇය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් රාජකාරින්හි නියුක්ත කරවන ස්වෙච්ඡා සේවකයන් 900කට වැඩි දෙනෙකුගෙන් කෙනෙකි.

“මෙහේ හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. හැමෝටම ගරුත්වයක් ලැබෙනවා. අපි සහගයෝ විදියට එකම දෙයක් සඳහා මහන්සියෙන් වැඩ කරනවා. අපි අතර උස් පහළ බවක් නෑ, පීඩනයක් නෑ. මේක මගේ සිහින රාජකාරි පරිසරයක්. ”යැයි ඇමෙරිකානු කණ්ඩායමේ සහකාර සේවිකාවක් වන ච්අ ජ්‍යාඊ කීවා ය. මෙය ජපන් කණ්ඩායමේ සහකාර සේවකයෙක් වන ස්ඕ ගුවන්ලින්ගේ අදහස ද වේ. කණ්ඩායමේ සියලු දෙනා එක්ව විහිළු තහළු කරන විට ද තරඟ නරඹන විට ද ප්‍රශ්න විසඳන විට ද ඔහුට කණඩායමක් ලෙස කටයුතු කිරීමේ බලය දැඩි ලෙස දැනුනේ ය.

සියලු ස්වෙච්ඡා සේවකයන්ට ඔලිම්පික් උලෙළට සේවය කිරීමේ අත්දැකීම රැකියා අවස්ථාවක් පමණක් ම නොව තම හැකියාවන් වැඩිදියුණු කිරීමේ අවස්ථාවක් ද වේ. ස්වෙච්ඡා වැඩ ආරම්භ කොට මාසයක් පමණක් ගත වුවද අනාගතයේදී සමාජයට පය තැබීමට අවශ්‍ය විවිධ හැකියාවන් මහත් සේ ඉහළ ගොස් තිබෙන බව සෑම ස්වෙච්ඡා සේවකයෙකුගේ පාහේ අදහසක් වේ. ඔවුන් සේවය කරන විවිධ රටවල්වලින් පැමිණෙන කණ්ඩායම් ඔවුන්ගේ හොඳම ගුරුවරයෝ සේ ම මිත්‍රයෝ ද වෙති.

මෙම වසරේ ජනවාරි මස තිස්එක්වෙනිදා සාම්ප්‍රදායික චීන පරණ අවුරුද්දේ අවසන් දිනය විය. පවුල් සාමාජිකයන් සමඟ ගෙවිය යුතු මෙම අලුත් අවුරුදු සමයේ ස්වෙච්ඡා සේවකයන්ට සිය රාජකාරිවල නිරත වෙමින් සිටිය යුතු ය. එසේ වුවත් ඔවුන්ට දැනෙන දයාබරත්වයේ අඩුවක් නැත. “ක්‍රීඩකයොත් එක්ක පුහුණු වීමට ක්‍රීඩාංගනයට යන කොට අයිස් හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මට මෙහෙම කිව්වා ‘මට ‌‌බොහොම කණගාටුයි අලුත් අවුරුදු කාලේ ඔයාට ගෙදර අයත් එක්ක ඉන්න බැරි එක ගැන. හැබැයි එයාලා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි කියලා මම විශ්වාස කරනවා ’” එම මොහොත මතක් වන සෑම විට ම ච්අ ජ්‍යාඊට ඉතා ලෙංගතුකමක් දැනෙයි. එම මොහොතේ ඔවුහු රටවල් අතර ඇති වෙනස්කම් අමතක කොට එකිනෙකාට සමීප වූ බව ඇය කීවා ය.

2022 වසරේ පෙබරවාරි මස 4වන දින රාත්‍රි 8ට ආරම්භ වූ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උලෙළේ ආරම්භක උත්සවයේදී, විවිධ රටවල්වල කණ්ඩායම්වල සහකාර සේවකයන් වන ඔවුහු කිසිකෙනෙක් ප්‍රේක්ෂකයෙකු ලෙස සම්පූර්ණ උත්සවය ම නැරඹුවේ නැත. තම සේවය කරන කණ්ඩයම් සාමාජිකයන්ට ආසන පෙන්වීම, සහය දීම යනාදිය එදා ඔවුන්ගේ වැදගත් ම රාජකාරිය විය. “මම සියැසින් ඉතිහාසය දකිනවා. මම මේ ඉතිහාසයේ කොටසක්. ” යැයි ස්ඕ ගුවන්ලින් කිව්වේ ය.

සෑම දින ම ගෞ ෂ්‍යඕෆන් ඔලිම්පික් ගම්මානයට එන ෂටල් බස්වල ජනේලය ළඟ තිබෙන ආසනවල වාඩි වී සිටීමට කැමැත්තක් දක්වන්නේ එම ආසනවලින් පැහැදිලිව ඉර උදාව දැකිය හැකි නිසා ය. අහස මඳින් මඳ රොස පාටින් රත්‍රන් පාටට හැරීම නැරඹීමට ඇය ඉතා ප්‍රිය කරයි. රාජකාරි කිරීමේදී විසඳාගැනීමට අවශ්‍ය දේ ඉතා බහුල වුවද, විවේකයක් නොමැතිව වැඩ කළ යුතු වුවද දැනට එය ඔවුන්ට ඉතා සාමාන්‍ය තත්වයක් වී ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC