Beijing Foreign Studies University

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් “පරිසරයට හිතකර ලෙස ඔලිම්පික් පැවැත්වීමේ” ප්‍රතිපත්තිය අනුගමනය කරයි

发布时间:2022-02-11

දිනපතා ආර්ථික ප්‍රවෘත්ති” පෙබරවාරි මස 9වන දින වාර්තා කළ පරිදි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධාන කමිටුව විසින් එදින පැවැත්වූ මාධ්‍ය හමුවේදී බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධාන කමිටුවේ සැලසුම්කරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලී සන් මහතා “පරිසරයට හිතකර ලෙස ඔලිම්පික් පැවැත්වීමේ” ප්‍රතිපත්තිය අනුගමනය කරන ආකාරය සහ එහි ප්‍රතිඵලය ගැන හඳුන්වා දුන්නේ ය. ඒ අතර “අවකාබන් කළමණාකරණය” සහ “පරිසර ආරක්ෂාව” ඔහු තදින් අවධාරණය කළේ ය.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට භාවිතා කරන ක්‍රීඩාංගනවලින් 6ක් 2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේ භාවිතා කොට ඇති ක්‍රීඩාංගන වේ. එපමණක් නොව ජන්ජ්‍යාකෞ ප්‍රදේශයේ නිපදවන පිරිසිදු බලශක්තිය “හරිත බලශක්ති ප්‍රවාහන අධිවේගී මාර්ග” ඔස්සේ බෙයිජිං, යැංචිං සහ ජන්ජ්‍යාකෞ යන තරඟ පවත්වන ප්‍රදේශවලට යැවේ. එමගින් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට අදාළ සියලු ක්‍රීඩාංගනවල භාවිතා කරන බලශක්ති සියයට සියයක් ම පිරිසිදු බලශක්ති වේ. “බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සංවිධාන කටයුතු පටන් ගත්තු දවස ඉඳන් මේ වෙන කං ගෙවිලා ගිය අවුරුදු 6දී අපි උපරිමයෙන් කාබන් විමෝචනය අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි සමාගම්වලින් පරිත්‍යාග ලබාගැනීම යනාදි ක්‍රමවලින් “කාබන් හිලව් කිරීම” ක්‍රියාත්මක කරනවා. ඒ මගින් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාබන් සමතුලිතතාවේ (carbon neutral) අරමුණ ඉෂ්ට කිරීමට අපි සහතික වෙනවා. ” කියලා ලී සන් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ජෛව සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයක් වන යැංචිං ප්‍රදේශය බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ හිම තරඟ පැවැත්වෙන ප්‍රධාන ප්‍රදේශයයි. එහි රක්ෂිත ශාකවල වැවෙන තත්වයට අනුව සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් “ඒ ස්ථානයේ ම තැබීම”, “ළඟ ස්ථානයක තැබීම”, “වෙන ස්ථානයකට ගෙන යෑම” යන ක්‍රියාමාර්ග තුන ගෙන තිබේ. එපමණක් නොව එම ප්‍රදේශයේ “මතුපිට පස ඉවත් කිරීම” යන ක්‍රමය යොදා ගෙන ඵලදායී පරිසර ප්‍රතිසංස්ථාපනය ක්‍රියාත්මක කොට ඝන මීටර් 8.1ක මතුපිට පස ඉවත් කර තිබේ. ඉවත් කරන ලද පස භාවිතා කරමින් ඔලිම්පික්වලට සම්බන්ධ ස්ථානවල පරිසර ප්‍රතිසංස්ථාපනය, භූ දර්ශන යළි ඉදි කිරීම යන කටයුතු සිදු කොට ඇත.



ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC