Beijing Foreign Studies University

ගු අයිලින් : මගේ මෙහෙයුම නිදහස් ආර ස්කීන් (Freestyle Skiing) චීන තරුණ පරම්පරාවට හඳුන්වාදීමයි

发布时间:2022-02-08

ජොන් ෂින් වෙබ්අඩවියේ පෙබරවාරි මස 7වන දින වාර්තා කළ පරිදි බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උලෙළේ නිදහස් ආර ස්කීන් බිග් එයාර් (Freestyle Skiing big air) සුදුසුකම් ලැබීමේ තරඟය බෙයිජිංහි බිග් එයාර් ෂෞ ගන්(Big Air Shougang) තරඟබිමේ පැවැත්විය. රත්‍රන් මකරෙකුගේ මෝස්තරයක් සහිත ඇඳුමකින් සැරසුණු චීන ක්‍රිඩිකා ගු අයිලින් මෙම තරඟයට සහභාගි විය.

වසර 2019 සිට ගු අයිලින් චීනය නියෝජනය කරමින් විවිධ තරඟවලට සහභාගි වීම ආරම්භ කළා ය. ඇගේ අරමුණු වන්නේ නිදහස් ආර ස්කීන් චීන තරුණ පරම්පරාවට හඳුන්වා දීම, චීනයේ මෙම ක්‍රීඩාවට සහභාගි වීමේ ප්‍රවණතාව සහ එහි ජනප්‍රියත්වය ඉහළ නැංවීමයි. 18 හැවිරිදි ගු අයිලින් මෙසේ පැවසුවා ය: “ලෝකයට ආදර්ශයක් වෙන්න පුළුවන් වෙන්නේ වැඩිහිටියෙකු වුනාට පස්සෙයි කියලා කියන එකට මම එකඟ නෑ. වර්තමාන කාලයේ ඉන්න අපි මේ ලෝකයට වෙනසක් කරන්න ඕන. අපි තමන්ට සම්බන්ධ ක්ෂේත්‍රය වෙනුවෙන් හඬක් නගන්න ඕන. ”

වර්තමාන චීනයේ කෝටි තිහක ජනතාව අයිස් සහ හිම ක්‍රීඩාවලට සහභාගි වෙමින් සිටිති. නිදහස් ආර ස්කීන් නිදහස් ආර ස්කීන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සිය මෙහෙයුම වන බවත් ක්‍රීඩා කිරීමෙන් තමාට ලැබෙන සතුට සහ එළිමහන් ක්‍රීඩාවලට තමාට තිබෙන ආදරය චීන මිනිසුන් සමඟ බෙදා ගැනීමට තමා උනන්දු බවත් ගු අයිලින් පැවසුවා ය. මෙම කටයුත්ත වෙනුවෙන් තමාට ලබා දිය හැකි දායකත්වය සුළු වුවත් ඒ තුළින් කුඩා අරමුණක් හෝ සාක්ෂාත් කර ගැනීමට හැකි වීම තමාට මහත් තෘප්තියක් ගෙන දෙන බව ඇය සඳහන් කළා ය.

ප්‍රථම වතාවට චීනයේ ඔලිම්පික් උළෙලට සහභාගි වීම පිළිබඳ ඔබගේ අදහස් කෙසේ දැයි විමසූ කල ඇය සිය ක්‍රීඩා ඇඳුමේ තිබූ රත්‍රන් මකරාගේ මෝස්තරය පෙන්නුවා ය. මෙම චීන ශෛලියේ ඇඳුම තමන් විසින් ම නිර්මාණය කරන ලද්දක් යැයි ඇය පැවසුවා ය.

 

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC