Beijing Foreign Studies University

බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානය සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ස්වේච්ඡා පුහුණු පාඨමාලාව පැවැත්වීම

发布时间:2022-02-07

ජනවාරි 21 වන දින, බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයන් 96 දෙනා සඳහා පුහුණු පාඨමාලාවක් පවත් වන ලදී. ස්වේච්ඡා නිල ඇඳුමින් සැරසී පැමිණි ස්වේච්ඡා සේවකයන් බෙයිජිං ශීත ඔලිම්පික් හා ශීත පැරා ඔලිම්පික් උළෙල සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුටු කිරීමේ අවසාන් පුහුණුව ලබාගත්හ.

තරඟය පැවැත්වෙන අතරතුර විවිධ පාර්ශවකරුවන් වෙත දුරස්ථ බහුභාෂා මාර්ගගත පරිවර්තන සේවා සැපයීම සඳහා බෙයිජිං ශීත ඔලිම්පික් සංවිධායක කමිටුව  විසින් බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයෙහි බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. බෙයිජිං බහුභාෂා සේවා මධ්‍යස්ථානය මත විශ්වාසය තබමින් මෙම බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානය විසින් 2022 වසරේ බෙයිජිං ශීත ඔලිම්පික් හා ශීත පැරා ඔලිම්පික් උළෙලට තෙවන පාර්ශවීය භාෂා පරිවර්තන සේවා සැපයීමට සහාය ලබා දෙනු ලැබේ. බෙයිජිං බහුභාෂා සේවා මධ්‍යස්ථානය මීට පෙර හඳුන්වන ලද්දේ බෙයිජිං ඔලිම්පික් බහුභාෂා සේවා මධ්‍යස්ථානය ලෙසිනි. 2008 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔලිම්පික් උළෙලට දුරකථන පරිවර්තන මඟින් භාෂා 44කට අදාල භාෂා සේවා සාර්ථකව සිදු කරන ලදී. බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව, ඔලිම්පික් උරුමයක් ලෙස ස්ථාපනය කරනු ඇති මෙම මධ්‍යස්ථානය, බෙයිජිං සංවර්ධනයේ සමස්ත සැලැස්මට ඇතුළත් කරමින් අගනුවර වෙනුවෙන්  දිගුකාලීන භාෂා සේවා සහාය ලබා දෙනු ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC