Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ජාතික සමාජ විද්‍යා ව්‍යාපෘති 5ක් අනුමත වේ

发布时间:2022-01-02

පසුගියදා, ජාතික සමාජ විද්‍යා පදනම විසින් අනුමත කරන ලද 2021 වසරේ ප්‍රධාන ව්‍යාපෘති ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති 4 ක් අනුමත කරනු ලැබී තිබෙන අතර, එය දීප ව්‍යාප්තව  21 වන ස්ථානයට පත්ව තිබේ. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන “විශ්ව විද්‍යාලවල විදේශ භාෂා විෂයන්වල ‘සමකාලීන චීනය අවබෝධ කර ගැනීම’ යන බහුභාෂා පාඨ ග්‍රන්ථ මාලාව සම්පාදනය කිරීම සහ පර්යේෂණ කිරීම” යන ව්‍යාපෘතිය ජාතික දර්ශනය සහ සමාජ විද්‍යා කටයුතු පිළිබඳ ප්‍රමුඛ කණ්ඩායමේ අනුමතය ලැබී තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විශේෂඥයා වනුයේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් මහාචාර්ය වැන්ග් ඩිංගුවා මහතා. එය 2021 වසරේ ජාතික සමාජ විද්‍යා පදනමේ ප්‍රධාන පැවරුම් ව්‍යාපෘතියකට පත්ව ඇත.

මීට පෙර, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති 16 ක් 2021 වසරේ චීනයේ ජාතික සමාජ විද්‍යා පදනම විසින් අනුමත කරන ලද අතර ව්‍යාපෘති 5 ක් චීනයේ ජාතික ස්වාභාවික විද්‍යා පදනම විසින් අනුමත කරන ලදී. එමෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යේෂණ පිළිබඳ පොදු ව්‍යාපෘති  10 ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද අතර ව්‍යාපෘති 5ක් බෙයිජිං නාගරික සමාජ විද්‍යා පදනම විසින් අනුමත කරන ලදී. මෙම ව්‍යාපෘතියන් වාග් විද්‍යාව, සාහිත්‍යය, පුවත්පත් කලාව හා සන්නිවේදනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ගැටළු පර්යේෂණ වැනි බහුවිධ විෂයයන් සමඟ සම්බන්ධ වේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC