Beijing Foreign Studies University

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡා සේවක පුහුණු වැඩසටහන ආරම්භ වෙයි

发布时间:2021-11-29

2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වූ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡා සේවක පුහුණුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 10 වන දින පවත්වන ලදී. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටුවේ ස්වේච්ඡා කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhang Lina මෙනවිය සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති Su Dapeng මහතා මෙම සුවිශේෂ අවස්ථාවට සහභාගී වී සිටියහ. එමෙන් ම බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශීත ඍතු ඔලිම්පික් ස්වේච්ඡා සේවක විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ස්වේච්ඡා නියෝජිතයන් ඇතුළුව 500කට ආසන්න පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.

මසක පුහුණු කාලය තුළ, මූලික දැනුම, දැනුම වර්ධනය, ප්‍රායෝගික අභ්‍යාස සහ විස්තීර්ණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම යන කොටස් හතරට අදාළව දැනුම හා පුහුණුව ලබා දෙනු ලැබේ. දැනුම රැස් කිරීම සහ ප්‍රායෝගික අත්දැකීම්, කුසලතා පුහුණුව සහ ශාරීරික යෝග්‍යතාව, විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රියාකාරකම් සහ පීඨ මට්ටමේ ක්‍රියාකාරකම්, සේවා අන්තර්ගතය සහ විෂය ඥානය ඒකාබද්ධ කරන පුහුණු ක්‍රමය මඟින් ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ස්වේච්ඡා සේවකයන්ගේ පුළුල් සාක්ෂරතාව, සේවා දැනුවත් භාවය සහ වෘත්තීය කුසලතා වැඩිදියුණු කළ හැකි වේ.

2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සහ පැරාඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය තුළ, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ වෘත්තීය ස්වේච්ඡා සේවකයන් 800කට අධික පිරිසක් භාෂා සේවය, අමුත්තන් පිළිගැනීමේ කටයුතු, NCS, OFS, ක්‍රීඩා ප්‍රදර්ශනය සහ මාධ්‍ය මෙහෙයුම් ඇතුළුව විවිධ කටයුතු සඳහා ස්වේච්ඡා ව්‍යාපෘතීන් කණ්ඩායම් 6ක් අනුයුක්ත කරනු ලැබේ. මෙහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය වෘත්තීය ස්වේච්ඡා සේවකයන් වැඩිම පිරිසක් දායක කරවනු ලබන විශ්වවිද්‍යාලය ද වේ. ඔවුන්ගේ සේවා සපයන ස්ථාන ලෙස Beijing සහ Zhangjiakou හි සියලුම ශීත ඔලිම්පික් උළෙලේ තරඟ පැවැත්වෙන ස්ථාන, ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ නේවාසිකාගාර, සම්මාන පිරිනමන චතුරශ්‍රය, ශීත ඔලිම්පික් සංවිධායක කමිටු මූලස්ථානය, ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානය, කඳුකර ප්‍රවෘත්ති මධ්‍යස්ථානය සහ ඔලිම්පික් හෝටලය යනාදිය වේ. මීට අමතරව ආචාර්යවරුන් සහ සිසුන් 100කට ආසන්න පිරිසක් බෙයිජිං බහු භාෂා මධ්‍යස්ථානයේ දී භාෂා පරිවර්තන කටයුතුවලට ද දායකත්වය ලබා දෙනු ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC