Beijing Foreign Studies University

ෂැංහයි ශ්‍රේණිගත කිරීමේ උපදේශනය මඟින් 2021 වසරේ චීනයේ හොඳම විෂයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කරන ලද අතර එහිදී විදේශ භාෂා සහ සාහිත්‍ය විෂය පිළිබඳ ලැයිස්තුවේ බෙයිවායි ප්‍රමුඛස්ථානය ගනී

发布时间:2021-11-22

2021 වසරේ ඔක්තෝබර් මස 25 දින, උසස් අධ්‍යාපන ඇගයීම් වෘත්තීය ආයතනය වන ෂැංහයි ශ්‍රේණිගත කිරීමේ උපදේශනය මඟින් "2021 වසරේ චීනයේ හොඳම විෂයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව" නිකුත් කරන ලද අතර එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය ලකුණු 1032 ලබා ගනිමින් විදේශ භාෂා සහ සාහිත්‍ය විෂය යන අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන තිබේ.

ෂැංහයි ශ්‍රේණිගත කිරීමේ උපදේශනය මඟින් නිකුත් කරන ලද චීනයේ හොඳම විෂයන් ශ්‍රේණිගත කිරීමේ දර්ශක පද්ධතියට දර්ශක කාණ්ඩ පහක් ඇතුළත් වේ. එනම් කුසලතා පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති, ජයග්‍රහණ සම්මාන, අධ්‍යයන පත්‍රිකා සහ ශාස්ත්‍රීය කුසලතා. අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, චීනයේ ජාතික ස්වභාවික විද්‍යා පදනම, ජාත්‍යන්තර සහ දේශීය සාහිත්‍ය දත්ත සමුදාය වැනි බලයලත් තෙවන පාර්ශවයන්ගෙන් දත්ත ලැබී ප්‍රමිතිගත දත්ත පිරිසිදු කිරීම සහ විෂය වර්ගීකරණ ක්‍රියාවලීන්ගෙන් පසුව එක් එක් විෂය පිළිබඳ විවිධ දර්ශකවල දත්ත ලබා ගනී. ලැයිස්තුවෙහි පළමු මට්ටමේ විෂයන් 96ක් ආවරණය වන අතර විශ්වවිද්‍යාල 486කින් විෂයන් 4992ක් ඇතුළත් වේ. විදේශ භාෂා සහ සාහිත්‍ය විෂය පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ විශ්ව විද්‍යාල 118ක් ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC