Beijing Foreign Studies University

චීනයේ ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ සංචාරයක

发布时间:2021-11-12

චීනයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරය දැරූ ජියැං චින්ෂෙන්ග් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව 2021 වසරේ සැප්තැම්බර් 26 වන දින පැවති බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගී වූහ. මෙහිදී ආසියා අධ්‍යයන පීඨයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ විශේෂ සංචාරයක් සඳහා ද ඔවුහු එක්වූහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගිතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද වන මහාචාර්ය මා චූන්වූ මහතා මෙන්ම සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහ සිසුන් විසින් මෙම දෙපල සාදරයෙන් පිළිගන්නා ලදී. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් මිහිරාවි දිසානායක මෙනවිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC