Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 80වන සංවත්සරය අභිමානයෙන් භවරනු ලබයි

发布时间:2021-11-12



2021 වසරේ සැප්තැම්බර් මස 26 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 80වැනි සංවත්සර උත්සවය මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදී. චීන ජනපති ෂි ජින්පින් මහතා මෙන්ම බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ගෞරවනිය මහාචාර්යවරුන් මෙම 80 වන සංවත්සරයට සුබ පැතුම් එක් කරමින් ලිපි ඒවා තිබිණ. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා විද්‍යාර්ථින් ඒම සියල්ලන්ටම තම අවංක ආචාරය පුද කරනු ලැබිණ.



බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය ගොඩනැඟුනු වසර 80ක කාලය තුළ දී ඉහළ රාජ්‍යතන්ත්‍රික කටයුතු, විදේස් කටයුතු,විදේස් වාණිජ ක්ෂ්‍රේත්‍රන්ට අදාලව විවිධ කුසලතා ලබිදිමට විශ්වවිද්‍යාලය සමත් වූ බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය Zhong Denghua මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ. වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලය මගින් මව්බිමට ආදරය කිරීම, ලෝක දෘෂ්ටිය,ප්‍රවීණතා, හැකියාවන් සහිත සංයුක්ත කුසලතා පුහුණු කිරීමට වෑයම් කළ යුතු බවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ උප ලේකම් Movses Abelian මහතා සංවත්සරියට ලිපියක් යොමු කරමින් කියා සිටියේ “එක්සත් ජාතින් හා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය අතර සමීප සහයෝගීතාවයේ ඓතිහාසික විකාශනය සිහිපත් කරමින් ඉහළ භාෂා කුසලතා තවදුරටත් ඇති කරගැනීමට කටයුතු යෙදෙන බව ය.



බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය අද පවත්නා දියුණු තත්ත්වයට පත්කිරීම උරදසානන් අයුරින් දායක වූ සියළු දෙනා වෙත තම අවංක ආදර ස්තුතිය පුද කරනු ලබන බව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් Wang Dinghua මහතා විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. තවදුරටත් අදහසේ දක්වන්නේ ධහු කිය සිටියේ “වසර 80ක කාලය තුළ චීනයේ විදේශ භාෂා අධ්‍යාපනය දියුණු කරවීමේ මෙන්ම ලෝක ශිෂ්ටාචාරයේ සංනිවේදන දියුණුව උදෙසා මෙම විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම පෙරමුණයෙන් සිටි බවත්, චීනය ලෝක වේදිනාව කරා යොමු කරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කරනු ලබන බවද සඳහන් කළේ ය. 2021 වසර චීනය සමාජවාදී නූතන රාජ්‍යයක් ගොඩනැඟීමේ නව මාර්ගය මෙන්ම වන දෙවන සියවසේ ආරම්භය බවද Wang Dinghua මහතා අවධාරණය කළේ ය. මෙම උත්සවය චීනය ලොවට හැඳුවීම සඳහා වූ මනා ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකිය.


බෙයිජිං විදේශ භාෂා සරසවියේ කුලපති යැං ඩෑන් මහතා විසින් එම සරසවිය ස්ථාපනය කිරීමේ ඉතිහාසය පිළිබඳව සමාලෝචනයක් සිදු කරන ලදී. එහිදී හෙතෙම සරසවියේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් එම සරසවිය චීනයේ උසස් විදේශ භාෂා අධ්‍යාපනයේ පුරෝගාමියෙකු, දායකයෙකු සහ නායකයෙකු බව සඳහන් කළේ ය. ප්‍රධාන ජාතික එතිහාසික සිදුවීම් මෙන්ම වැදගත් ජාත්‍යන්තර සිදුවීම් වලදී ද, බෙයිජිං විදේශ භාෂා සරසවියේ සිසුන් ඉදිරියෙන් කටයුතු කළ අතර ඔවුහු පෙරමුණගෙන චීනයට වෙනස් වන ලෝකය අවබෝධ කරවාලීම සඳහා මෙන්ම වෙනස් වන චීනය ලොවට අවබෝධ කර වාලීමට ද අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව කටයුටු කළහ. නව එතිහාසික ආරම්භක ස්ථානයක සිට මෙම සරසවිය කිසිවකුට නොදෙවෙනි පරිද්දෙන් ගෝලීය මට්ටමේ විදේශ භාෂා සරසවියක් බවට පත් කිරීම අපේක්ෂා වන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී. එසේම ගෝලීය භාෂා බුද්ධිය ගවේෂකයෙකු, ගෝලීය භාෂා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ‍වාදියකු මෙන්ම ලොව පුරා විදේශ භාෂා අධ්‍යයන සරසවි අතර නවෝත්පාදන හා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියේදී බෙයිජිං විදේශ භාෂා සරසවිය ජය කෙහෙළි නංවනු ඇතැයි යැං ඩෑන් මහතා සඳහන් කළේ ය.

මෙම දේශනයට සහභාගි වූ පීකිං සරසවියේ කුලපති හාවෝ පිං මහතා සඳහන් කළේ සහෝදර සරසවි වෙනුවෙන් දේශනයක් පැවැති බවට ලැබීම තමන් ලත් භාග්‍යයක් බවය. වසර 80 ක සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යයන කීර්තියක් හා බලපෑමක් සහිත බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය මේ වන විට ලොව වැඩිම විදේශ භාෂා උගන්වනු ලබන සරසවිය යැයි හෙතෙම සඳහන් කළේ ය. මේ අවස්ථාවට අන්තල්ජාලය ඔස්සේ මොස්කව් සරසවියේ කුලපති වික්ටර් ඇන්ටනොවිච් සදොව්නික් මහතා විදේශ හවුල්කාර සරසවියක් වෙනුවෙන් කතාවක් කිරීමට ලැබීම පිළිබඳව තම සතුට පළ කළේ ය. එසේම චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස වෙනුවෙන් චීනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අලි සහිරි මහතා ද කතාවක් පවත්වන ලදී. සරසවියේ ආදි සිසුන් වෙනුවෙන් ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ෂැං යෙසුයි මහතා ද කතාවක් පවත්වන්නට යෙදිණ. උසස් පරිවර්තන පීඨයේ පීඨාධිපති මහාචාර්ය රෙන් වෙන් මැතිණිය ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සභාව අමතන ලදී.

බෙයිජිං නාගරික පක්ෂ කමිටුවේ අධ්‍යාපන පක්ෂ කමිටුවේ විධායක උප ලේකම් ෂෙං ජිචුන් මහතා, හිටපු විදේශ කටයුතු ඇමති ලී ෂොක්සිං මහතා, මහජන දේශපාලන උපදේශක සම්මන්ත්‍රණයේ හොංකොං, මැකාඕ සහ තායිවානයේ විදේශීය චීන ජාතිකයින් කාරක සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කියු යුවාන්පින් මහතා, චීන මහජන සන්නද්ධ පොලිස් බලකායේ ලුතිනන් ජෙනරාල් සහ නියෝජ්‍ය දේශපාලන කොමසාරිස් චෙන් ජියන්ෆෙයි මහතා මෙම සමුළුව සඳහා සහභාගී වූහ. විදේශ කටයුතු, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, විදේශ වෙළඳාම සහ විදේශ භාෂා යන ක්ෂේත්‍රයන්හි අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC