Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2021 වසරේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය

发布时间:2021-11-12

සැප්තැම්බර් මස හත්වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2021 වසර සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවය නැගෙනහිර මණ්ඩපයේ ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙම උත්සවය සඳහා ශාස්ත්‍රවේදි, ශාස්ත්‍රපති සහ දර්ශන විශාරද උපාධි අපේක්ෂකයෝ සහභාගි වූහ. විදෙස් සිසුන් ද ඇතුළුව 3400 දෙනෙක් පමණ මෙලෙස නව විශ්වවිද්‍යාල දිවිය ආරම්භ කළහ.

එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහලේකම්, චීන රජයේ යුරෝපා කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත මෙන් ම ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පීඨයේ ආදි ශිෂ්‍යයෙකු වූ වු හොන්ග්බෝ (Wu Hongbo) මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති වං ඩින්හුවාWang Dinghuaමහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති යං ඩන්Yang Danමහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජා වෙන්ජියෙන්Jia Wenjianමහතා ආදි සුවිශේෂී අමුත්තන් මෙම උත්සවයට සහභාගී වූහ. එම අවස්ථාවේදී යං ඩන් කුලපතිතුමන් නවක සිසුන් උණුසුම් ව පිළිගිනිමින් සහ සුබපැතුම් එක් කරමින් "භාෂාව මත පදනම් වුවද භාෂාවෙන් ඔබ්බට ගොස් ගෝලීය සංවර්ධනයට දායක වන්නැයි" යන මැයෙන් තම දේශනය පවත්වන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC