Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් “2021 වසරේ ගෝලීය දර්ශකයන්” නමැති ග්‍රන්ථය සහ දර්ශක මාලාව හඳුන්වා දීම

发布时间:2021-11-12

2021 වසරේ සැප්තැම්බර් මස 03 වන දින විදේශ පර්යේෂණ ආයතනය මඟින් ප්‍රකාශිත “2021 වසරේ ගෝලීය දර්ශකයන්” නමැති නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණ. “2021 වසරේ ගෝලීය දර්ශකයන්” බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කුලපතිතුමා සහ පක්ෂ කමිටුවේ උප ලේකම්තුමා වන යැං ඩෑන් මහතා විසින් මෙහෙයවනු ලබන “දර්ශකයන් ගොඩනැගීමෙන් ලෝකය දැකීම” නමැති ව්‍යාපෘතියෙහි සමාරම්භක ප්‍රතිඵලයක් වේ. එමෙන්ම දර්ශක මාලාවට අයත් වන “ගෝලීය ජාත්‍යන්තර සංවිධාන බලපෑම් පිළිබඳ දර්ශකය”, “ජාතික භාෂා හැකියා පිළිබඳ දර්ශකය”, “ගෝලීය බුද්ධිමත් නව නිපැයුම් පිළිබඳ දර්ශකය”, “චීන විශ්ව විද්‍යාල ගෝලීය බලපෑම් පිළිබඳ දර්ශකය”, “ගිණුම්කරණ තොරතුරු ආකෘති පත්‍ර තත්ත්වයන් පිළිබඳ දර්ශකය” සහ “ගෝලීය වර්ෂා දර්ශකය” යන දර්ශකයන් ලොවේ ප්‍රථම වරට එළිදක්වන ලද දර්ශකයන් ය. මෙම වසරේ මැයි මස මෙම ව්‍යාපෘතිය ආවරණය කෙරෙන “ජාතික පරිවර්තන හැකියා  පිළිබඳ දර්ශකය” සහ “චීන විශ්ව විද්‍යාල පරිවර්තන හැකියා පිළිබඳ දර්ශකය” යන දර්ශකයන් බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ජාතික පරිවර්තන හැකියා පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ උත්සවයේදී එළිදක්වන ලදී.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC