Beijing Foreign Studies University

කුන්මින් නගරයේ උප නගරාධිපති Sun Qun මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ(BFSU) නිළ සංචාරයක නිරත වීම

发布时间:2021-11-12

2021 ජූලි මස 8වන දින යුන්නාන් පළාතේ කුන්මින් නගරයේ නාගරික පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ කුන්මින් උප නගරාධිපති Sun Qun මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක නිරත විය. එහිදී ඔහු ඇතුළු නියෝජිත පිරිස BFSUහි උප කුලපති Zhao Gang මහතා සහ ආසියා අධ්‍යයන පීඨයේ නියෝජිත ගුරු පිරිස සමඟ හමුවිය.

ප්‍රථමයෙන් Zhao Gang මහතා BFSU පිළිබඳ හැඳින්වීමක් කළ අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමේදී පොදුවේ භාවිතා නොවන භාෂා කුසලතා සහිත සිසුන් බිහි කිරීම අතිශයින් වැදගත් කාර්යභාරයක් වන බව විශේෂයෙන් ම අවධාරණය කොට ඇත. ඉන් අනතුරව, ආසියා අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනිය Su Yingying ආසියා අධ්‍යයන පීඨයේ දකුණු ආසියාතික හා අග්නිදිග ආසියාතික භාෂා අංශ සහ එම භාෂා කුසලතා සහිත සිසුන් බිහි කිරීම පිළිබඳ විස්තර හඳුන්වා දුන්නා ය. චීනයේ පොදුවේ භාවිත නොවන භාෂා ඉගැන්වීම සහ අදාළ භාෂා අංශ වර්ධනය කිරීමේදී BFSU මාර්ගෝපදේශක හා ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කරන බව ද, BFSU කුන්මින් නරගය සමඟ සුහද සහයෝගී සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බව ද කුන්මින් නගරයේ උප නගරාධිපති Sun Qun මහතා ප්‍රකාශ කළේ ය. දැනට, කුන්මින් නගරය කලාපීය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම සිය ප්‍රධානතම සංවර්ධන අරමුණ කොටගෙන ඇති හෙයින් දකුණු හා අග්නිදිග ආසියාතික භාෂා පරිවර්තනය හැකියාවන් සහිත ශ්‍රම සම්පත් පිළිබඳ විශාල අවශ්‍යතාවයක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් BFSU සමඟ සහයෝගිතාව තහවුරු කළ යුතු බවත් Sun Qun මහතා තවදුරටත් පැවසුවේ ය.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC