Beijing Foreign Studies University

දොළොස්වන ලෝක කොන්ෆියුසියස් ආයතන සම්මේලනයේ සමාරම්භක උත්සවයේදී කුලපති පෙන්ලුන් මහතා කතාවක් පැවැත්වීම

发布时间:2019-05-10

දෙසැම්බර් මස දොළොස්වනදින, දොළොස්වන ලෝක කොන්ෆියුසියස් ආයතන සම්මේලනය චීනයේ ෂීඅන් නගරයේ පැවැත්විය. එම සම්මේලනයේ තේමාව වූයේ “සහයෝගිතා දියුණ කිරීම, නව අදහස් ඇති කිරීම, ලෝක ජනතාවගේ පොදු අනාගතය වෙනුවෙන් දායක වීම ”  ය. එම සමාරම්භක උත්සවයේ ප්‍රධාන කතාව, චීනයේ රාජ්‍ය මණ්ඩලයේ උප-අගමැති, කොන්ෆියුසියස් ආයතන මූලස්ථානයේ පාලක සභාවේ සභාපති ලියු යැන්දොං(Liu Yandong) මහත්මිය විසින් පැවැත්වූවාය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් මහතා සහ උප කුලපති යෙන්  ගුඕ හුවා මහතා ද එම උත්සවයට සහභාගි වූ අතර පෙන්ලුන් මහතා කොන්ෆියුසියස් ආයතනවලට අදාළ චීන විශ්වවිද්‍යාල 220ක් නියෝජනය කරමින් කතාවක් පැවැත්වූවේ ය.  ගෝලීයකරණය සහ තොරතුරුකරණය හමුවේ   කොන්ෆියුසියස් ආයතනය ලෝකයේ ඒ ඒ රටවල්වල ජනතාව අතර සන්නිවේදනයට විශේෂ දායකත්වයක් සපයන බව පෙන්ලුන් මහතා සිය කතාවේ ‍සඳහන් කළේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අයත් බල්ගේරියාවේ සොෆියා කොන්ෆියුසියස් ආයතනය “හොඳම කොන්ෆියුසියස් ආයතනය” නමින් පිදුම් ලැබූ අතර ජර්මනියේ මියුනික් කොන්ෆියුසියස් ආයතනයේ සභාපති ජේකබ් පැරට් සහ දකුණු කොරියාවේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති  KIM In-Chul යන මහත්වරුන් “වැඩිම දායකත්වයක් ලබාදුන් පුද්ගලයා” යන සම්මානයෙන් පිදුම් ලැබුවෝ ය. ඊට අමතරව, මැලේසියාවේ මැලෙයා විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය “හොඳම චීන භාෂා විභාග සංවිධානය කිරීම” ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC