Beijing Foreign Studies University

පේරු රාජ්‍යයේ ලිමා විශ්වවිද්‍යාලයේ කුලපති බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කිරීම

发布时间:2019-05-10

මැයි මස දහහත්වනදින පේරු රාජ්‍යයේ ලිමා විශ්වවිද්‍යාලයේ(University of Lima) කුලපති ඔස්කාර් මචියාවෙල්ලො මහතා(Oscar Macchiavello) ප්‍රථම වරට අප විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කළේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් මහතා මචියාවෙල්ලො ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම හමු විය.

පසුගිය වසරේ විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගිතා සම්බන්ධතාව පිහිටුවීමෙන් සහ “ශාස්ත්‍රීය කටයුතු සහ සිසුන් හුවමාරුව පිළිබඳ ගිවිසුම” අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ පීඨ අතර සක්‍රීය ලෙස හුවමාරු වැඩසටහන් සිදු වෙමින් පවතින අතර සිසුන් හුවමාරුවට අමතරව ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා උගන්වන  චීන ආචාර්ය සහ චීන භාෂා උගන්වන පේරු ආචාර්ය හුවමාරු වැඩසටහනක් ද දියත් වී තිබෙන බව පෙන්ලුන් මහතා ප්‍රකාශ කළේ ය . විශ්ව විද්‍යාල දෙක එක් වී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ලතින් ඇමෙරිකා අධ්‍යයන කේන්ද්‍රය නගා සිටුවීමට ද එකඟ වී ඇත.

ලිමා විශ්වවිද්‍යාලයේ මූලික තත්වය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළ මචියාවෙල්ලො මහතා සඳහන් කළේ පේරු රාජ්‍යය ලතින් ඇමෙරිකානු සංස්කෘතියේ නියෝජිතයා වන නිසා විශ්වවිද්‍යාල දෙක අතර තිබෙන සහයෝගිතාව චීන සහ ලතින් ඇමෙරිකා සංස්කෘතීන් අතර හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ භාෂා ඉගැන්වීම සහ කලාප  අධ්‍යයනය යන ක්ෂේත්‍රයන්හි ලබාගත් ජයග්‍රහණ අගය කළ ඒ මහතා අනාගතයේදී විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගිතා කටයුතු තවදුරටත් පුළුල් කළ යුතු බව අවධාරණය කළේ ය.

秘鲁

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC