Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ තායිලන්ත භාෂා අංශයේ තායිලන්ත ගුරුවරිය Kuapan Nakbupa 2016 වසරේ චීනයේ “වසරේ විදෙස් ආචාර්ය” වශයෙන් නම් වීම

发布时间:2019-05-10

මැයි මස දහතුන්වනදින 2016 වසරේ චීනයේ “වසරේ විදෙස් ආචාර්ය” සම්මාන පිදීමේ උත්සවය පැවැත්වුණු අතර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ තායිලන්ත භාෂා අංශයේ තායිලන්ත ගුරුවරිය Kuapan Nakbupa මහත්මිය එම නාමයෙන් පුද ලබන ලදී. Kuapan Nakbupa මහත්මිය ඇතුළු විදෙස් ආචාර්යවරු දහදෙනෙක් සමස්ත චීනයෙන් ම 2016 වසරේ එම සම්මානයට හිමිකම් කීහ. චීන විදෙස් විශේෂඥ කටයුතු පිළිබඳ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lu Ming මහතා එම උත්සවයට සහභාගි වූ අතර සම්මානලාභීන්ට සම්මාන පුද කිරීම ඒ මහතා අතින් සිදු විණි.

Kuapan Nakbupa මහත්මිය 1992 වසරේ සිට කිහිප වතාවකම චීනයේ ගුරු වෘත්තියේ යෙදී සිටි අතර තායි භාෂා සිසුන් විශාල ප්‍රමාණයක් පුහුණු කිරීමට සුවිශාල දායකත්වයක් සිදු කොට ඇත. ඇය  මීට ප්‍රථම අවස්ථා කීපයකදීම චීනයෙන් පිරිනැමුණු “චීන ආණ්ඩුවේ මිත්‍රත්ව සම්මානය”, “චීන විදෙස් විශේෂඥ කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජනප්‍රියම විදෙස් ආචාර්ය” යන සම්මානවලට හිමිකම් කීවාය.  2013 වසරේ සහ 2014 වසරේ චීනයේ හිටපු සහ වත්මන් අග්‍රාමාත්‍ය Wen Jiabao සහ Li Keqiang යන මහත්වරුන් ද Kuapan Nakbupa මහත්මිය හමුවී ඇගේ දායකත්වය අගයා ඇත.

葛潘

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC