2010 වසරේ නොවැම්බර් මස 18වන දින පිහිටුවනු ලැබූ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන අරමුදල පොදු ජන පරිත්‍යාග අරමුදලක් නොවේ. මෙහි අභිප්‍රාය වන්නේ අරමුදල් එක්රැස් කිරීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීම සහ විශ්වවිද්‍යාලයීය සංවර්ධනයයි. චීන රට අභ්‍යන්තරයේ සහ රටින් පිටත ඇති පොදු යහපත සඳහා වූ සංවිධාන, ව්‍යවසායකත්ව ආයතන හා පොදු සංස්ථා, සමාජීය කටයුතු පිළීබඳ සංවිධාන මෙන්ම ඒක පුද්ගල පරිත්‍යාග යන සියලු ආකාරයෙන් පිරිනැමෙන අරමුදල් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන අරමුදල විසින් පිළිගැනේ. මෙහි එක්රැස් කරන අරමුදල් යොදාගන්නේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය,අධ්‍යාපනික පරිසරය හා පහසුකම් සංවර්ධනය,දක්ෂ සිසුන් සහ ආචාර්යවරුන් දිරිගැන්වීම, මූලික විද්‍යා පර්යේෂණ,ඉගැන්වීමේ කටයුතු සම්බන්ධ පර්යේෂණ සහ ග්‍රන්ථ මුද්‍රණය සඳහා අරමුදල් සැපයීම, සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ හුවමාරු ක්‍රියාකාරකම්වලට සහාභාගි වීමට අරමුදල් සැපයීම, ආචාර්යවරුන්ගේ විදෙස් අධ්‍යාපන කටයුතු, ජාත්‍යන්තර මට්ටමේ ශාස්ත්‍රීය සහයෝගීතා සහ රැස්වීම්වලට සහභාගීවීම සඳහා අරමුදල් සැපයීම, විශේෂ වැඩසටහන්වලට අරමුදල් සැපයීම,අරමුදල් පරිත්‍යාග කරන්නන්ගේ ස්වකැමැත්තට සහ උපදෙස්වලට අනුව අරමුදල් භාවිතා කිරීම යනාදිටයි.
රට අභ්‍යන්තරයේ සහ රටින් පිටත ව්‍යවසායකත්ව ආයතන හා පොදු සංස්ථා, සමාජීය කටයුතු පිළිබඳ සංවිධාන හා එක් එක් ක්ෂේත්‍රවල පරිත්‍යාගකරුවන්ගේ නොමසුරු ආධාරය සහ සහයෝගය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන අරමුදල කරුණාවෙන් අපේක්ෂා කර සිටී.
රමසම්බන්ධ වීමේ ක්:
දුරකථන:0086-10-88810271 0086-10-88817794
ෆැක්ස්:0086-10-88810192
යුත් තැපෑලවද්‍යු:jjh@bfsu.edu.cn
වෙබ් අඩවිය:jjh.bfsu.edu.cn
අරාබි භාෂා ගොඩනැගිල්ල තට්ටු අංක පහ:ලිපිනය 501A、501B、501D, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය, ශී සන් හුවන් උතුරු මාවත නොම්බර2, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, තැපැල් අංක 100089