Beijing Foreign Studies University

ආදිශිෂ්‍යයන්

发布时间:2019-05-13

අප විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් අනතුරුව හැත්තෑ හතර වසරක කාලයක් පුරා අනූදහසක විදේශ කටයුතු සම්බන්ධ රැකියාවල නිරතවන්නන්, ක්‍රියාශ්‍රීලී රාජ්‍යතාන්ත්‍රිකයන්, හමුදා,නීති,මූල්‍ය,ව්‍යවසාය,මාධ්‍ය,අධ්‍යාපන යනාදි විවිධ අංශවල රැකියාවල නිරතවන්නන් රැසක් බිහිකිරීමට සමත්වී සිටී. ඔවුන් මේවන විටත් චීනයේ නොයෙක් අංශවල දියුණුව වෙනුවෙන් විශිෂ්ඨ කැපකිරීම් සිදුකොට ඇත. අප විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාලය සහ ආදිශිෂ්‍යයන් අතර ඇති සම්බන්ධතා සහ ආදිශිෂ්‍යයන් අතර ඇති සම්බන්ධතා ශක්තිමත් කිරීම, ආදිශිෂ්‍යයන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීම සහ විශ්වවිද්‍යාලය ප්‍රචාරය කිරීම යනාදියයි.

2006 වසරේ අප්‍රේල් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ ෂ්‍යා මන් උප සංගමය පිහිටුවන ලදී

2007වසරේ මැයි මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ ෂං හයි උප සංගමය පිහිටුවන ලදී

2007 වසරේ අප්‍රේල් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ මැකාව් උප සංගමය පිහිටුවන ලදී

2008 වසරේ ජුනි මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ යුන්නන් උප සංගමය පිහිටුවන ලදී

2012 වසරේ දෙසැම්බර් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ බෙයිජිං CBD දිස්ත්‍රික්කයේ උප සංගමය පිහිටුවන ලදී

2013 වසරේ දෙසැම්බර් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී

2014 වසරේ ජනවාරි මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රංශ උප සංගමය පිහිටුවන ලදී

2014 වසරේ දෙසැම්බර් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ ග්වං දොං උප සංගමය පිහිටුවන ලදී

2015 වසරේ අප්‍රේල් මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ හොංකොං උප සංගමය පිහිටුවන ලදී

2015 වසරේ මැයි මස බෙයිජිං

විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමයේ උතුරු ඇමෙරිකානු උප සංගමය පිහිටුවන ලදී

2015 වසරේ මුල් මාස හය තුල විදේශ කටයුතු අමාත්‍යංශය

ව්‍යාපාරික කටයුතු අමාත්‍යංශය, ෂින් හුවා පුවත් කාර්යාලය, සීසීටීවී ආයතනය, චීන දිනපතා පුවත්පත් කාර්යාලය, චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය යනාදි ආදිශිෂ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන ස්ථාන රැසක් සහ ආදිශිෂ්‍ය ව්‍යවසායකත්ව සංගමයක් ද සාර්ථකව පිහිටුවා ඇත

“ලෝකයේ චීන ධජය ලෙලදෙන ඕනෑම ස්ථානයක බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍යයෙකුගේ සෙවනැල්ල ද දැකගත හැකිය”. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදිශිෂ්‍ය සංගමය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා අත්වැල් සපයන ලෙස ලෝකයේ විවිධ ස්ථානවල විසිරී සිටින අප ආදිශිෂ්‍යයින්ව මෙහිදී ගෞරව‍යෙන් ආරාධනා කර සිටින අපගේ විශ්වාසය නම් ලෝකයේ කුමන අහුමුල්ලක සිටියත් යම් දිනකදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍යයෙකුට තම මවු විශ්වවිද්‍යාලය තමා වෙනුවෙන් ගොඩනැගූ නිවස සොයාගන්නටත් තමා වෙනුවෙන් යොමුකරන්නාවූ සමීප අවධානය සහ හදපිරි දයාබරත්වය විඳගන්නටත් අවස්ථාව ලැබෙන බවයි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කෙනෙකු සිටින තැන මවු විශ්වවිද්‍යාලය ද නිරන්තරයෙන්ම සිටී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයීය ආදිශිෂ්‍යයන්ට තම මවු විශ්වවිද්‍යාලය ඔවුන්ගේ යාවජීව හවුල්කරුවා ලෙස සැලකිය හැකිය!

ආදිශිෂ්‍ය කාර්යාලය: http://xyh.bfsu.edu.cn/

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC