Beijing Foreign Studies University

මාක්ස්වාද පීඨය

发布时间:2019-05-10

මාක්ස්වාද පීඨයට වසර30ක ඉතිහාසයක් සතුය.එය ආරම්භයේදී සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස පැවතුණි.වසර2007සැප්තැම්බර් මාසයේ එම දෙපාර්තමේන්තුව දාර්ශනික හා සමාජ විද්‍යා පීඨය ලෙස ප්‍රතිස්ථාපනය කෙරිණ.වසර2014ජූනි මාසයේ මාක්ස්වාද පීඨය ලෙස එහි නම වෙනස් කරනු ලැබිණ.

මෙම පීඨයේ නායක මණ්ඩලය සමන්විත වනුයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ එම පීඨයේ ශාඛාවෙන් සහ පීඨයේ පරිපාලන මණ්ඩලයෙනි.ශාස්ත්‍ර කමිටුවක් සහ පීඨයේ කටයුතු පිළිබඳ කමිටුවක් ඊට අනුයුක්තය.අධ්‍යයන කාර්යායල5ක්,අධ්‍යයන මධ්‍යස්ථාන4ක්,ලේඛනාගාරයක් සහ පරිපාලන කාර්යාලයක් එයට අයත්ය.විශ්ව විද්‍යාලයේ සරසවි සිසු සිසුවියන්,පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් චින්තනික හා දේශපාලන සිද්ධාන්ත පන්ති පැවැත්වීම මෙම පීඨයේ ප්‍රධාන කාර්යභාරයයි.මෙහි මාක්ස්වාදයට අදාළ විෂය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ද සිදු කෙරේ.විද්‍යාත්මක සමාජවාදය හා ජාත්‍යන්තර කොමියුනිස්ට් මෙහෙයුම පිළිබඳ විෂය සහ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික විෂය සඳහා වන පශ්චාත් උපාධි අධ්‍යාපන පාඨමාලා මෙම පීඨයෙන් සැලසේ.ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්16දෙනෙක් අතර මහචාර්යවරුන් දෙදෙනෙකි.උප මහචාර්යවරුන්6දෙනෙකි.කථිකාචාර්යවරුන්6දෙනෙක් සහ පරිපාලන සේවකයෙක් කාර්ය මණ්ඩලයට ද අයත්ය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC