Beijing Foreign Studies University

චීන භාෂා සහ සාහිත්‍ය පීඨය

发布时间:2019-05-10

චීන භාෂා සහ සාහිත්‍ය පීඨයේ ඉතිහාසය වසර60කට අධිකය.මෙහි චීන භාෂා අධ්‍යයන අංශය,චීන භාෂාව විදේශ භාෂාවක් ලෙස ඉගැන්වී‍ෙම් අංශය සහ චීන භාෂාව පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් තිබේ.චීන සරසවි සහ පශ්චාත් උපාධි සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු චීන භාෂා අධ්‍යයන අංශයට පැවරෙයි.විදේශ සිසුන්ගේ අධ්‍යයන කටයුතු භාර ව ඇත්තේ චීන භාෂාව විදේශ භාෂාවක් ලෙස ඉගැන්වී‍මේ අංශයටය.චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය උපාධි පාඨමාලා සඳහා නොවන විදේශ සිසු සිසුවියන් බඳවා ගනී.චීනයේ හන්බන්(Hanban)ආයතනයේ“චීන භාෂාව ප්‍රචලිත කිරීම පිළිබඳ බහුභාෂා අධ්‍යයන මූළස්ථානයේ”අධ්‍යයන හා පාලන කටයුතු මෙම පීඨය මගින් සිදු කෙරේ.බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් මධ්‍යස්ථාන21සහ දහයකට වැඩි විදේශ විශ්ව විද්‍යාල සංඛ්‍යාවක චීන භාෂා අධ්‍යයන කටයුතු ද මෙම පීඨය විසින් භාර ගෙන තිබේ.

මෙම පීඨයේ සරුසාර අධ්‍යයන අත්දැකීම් සහිත කැපවීමෙන් කටයුතු කරන ගුරු මණ්ඩලයක් සිටියි. වෘත්තීය ගුරුවරුන් 65 දෙනෙක් අතරින් මහචාර්ය හෝ උප මහචාර්ය සුදුසුකම් ලත් ගුරුවරුන් 32 දෙනෙකි. ආචාර්ය උපාධි හිමි ගුරුවරුන් 32 දෙනෙක් ද සිටිති. දැනට මෙම පීඨයේ අධ්‍යයනය කරන දෙස් විදෙස් සිසු සිසුවියන් 1500ක් අතරින් රටවල් 40කට වැඩි සංඛ්‍යාවක සිසු සිසුවියන් 1000ක් පමණ සිටිති.

චීන භාෂා සාහිත්‍යය සහ චීන භාෂාව පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයනය මෙම පීඨයේ විශ්ව විද්‍යාල විෂය දෙකයි. චීන භාෂා සහ ව්‍යවහාරික භාෂා විෂය, චීන භාෂා සාහිත්‍ය විෂය, තුලනාත්මක සාහිත්‍ය සහ ලෝක සාහිත්‍ය විෂය, පුරාණ චීන භාෂා සාහිත්‍ය විෂය, චීන භාෂාව විදේශ භාෂාවක් ලෙස අධ්‍යයනය කිරීමේ විෂය පිළිබඳ පශ්චාත් උපාධි මධ්‍යස්ථාන පහක් තිබේ. ඒවා පශ්චාත් උපාධි පිරිනැමීමේ සුදුසුකමින් යුක්තය. තුලනාත්මක සාහිත්‍යය හා අන්තර්-සංස්කෘතික පර්යේෂණය සහ චීන භාෂාව විදේශ භාෂාව වශයෙන් අධ්‍යයනය කිරීම පිළිබඳ ආචාර්ය උපාධි මධ්‍යස්ථාන දෙකක් ද මෙම පීඨයට අනුයුක්තය. ඒ අතරින් තුලනාත්මක සාහිත්‍යය හා අන්තර්-සංස්කෘතික පර්යේෂණය බෙයිජිං නගරයේ ප්‍රධාන විෂය ධාරාව ලෙස තෝරා ගෙන ඇත. ලෝකයේ ඕනෑම රටකින් සිසු සිසුවියන් බඳවා ගැනීම මෙම පීඨයේ තවත් විශේෂත්වයකි.

ඉහල චීන භාෂා සහ විදේශ භාෂා හැකියාවක් හිමි බහුවිධ නිපුණතා පූර්ණ සංයෝගාත්මක ජාත්‍යන්තර ප්‍රවීණයන් පෝෂණය කිරීම මෙම පීඨයේ පරමාර්ථයයි. දෙස් විදෙස් සිසු සිසුවියන් එකට එකතු වී නිදහස් ලෙස අදහස් හුවමාරු කර ගැනීමේ වාතාවරණයක් තුළ චීන සංස්කෘතිය සහ බහුජාතික සංස්කෘතික සුසංයෝගී අධ්‍යයන පරිසරයක් හැඩ ගැසී තිබේ.

මෙම පීඨයේ ගුරුවරුන්ගේ සහ පශ්චාත් උපාධි සිසු සිසුවියන්ගේ අධ්‍යයන ව්‍යාපෘතිවලට අනුබල දීමෙහි නියැළී සිටියි. ඒ සඳහා සම්මාන ක්‍රමයක් සහ අරමුදල සැපයීමේ ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. චීන භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ චීන-ජපාන පශ්චාත් උපාධි සිසු සිසුවියන්ගේ සාකච්ඡාව, අධ්‍යයන කටයුතු පිළිබඳ ගුරුවරුන්ගේ වාර්ෂික සාකච්ඡාව, දෙස් විදෙස් ශාස්ත්‍රඥවරුන් හා විශේෂඥවරුන්ගේ දේශන මාලාව වැනි ක්‍රියාකාරකම් සංවිධාන කෙරේ. සරුසාර අධ්‍යයන ප්‍රතිඵල බිහි කිරීමට ද හැකියාවක් ලැබී තිබේ.

පීඨයට අයත් අධ්‍යයන ආයතනය වනුයේ ජාත්‍යන්තර චීන භාෂා අධ්‍යයන තොරතුරු මධ්‍යස්ථානය සහ තුලනාත්මක සාහිත්‍ය හා තුලනාත්මක සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයයි. “ජාත්‍යාන්තර චීන භාෂා අධ්‍යාපනය” සහ “මානව සංස්කෘතික සංඟරාව” පීඨයේ ප්‍රකාශනයයි. “එච්.එස්.කේ.” සහ “එච්.එස්.කේ.කේ.” යන චීන භාෂා මට්ටම් පිළිබඳ විභාග මධ්‍යස්ථාන ද ස්ථාපිත වී තිබේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC