Beijing Foreign Studies University

අන්තර් ජාල සහ අඛණ්ඩ අධ්‍යයන විද්‍යාලය

发布时间:2019-05-10

අන්තර් ජාල සහ අඛණ්ඩ අධ්‍යයන විද්‍යාලය පිහිටුවනු ලැබුවේ වසර 2013දීය. එය මීට පෙර පැවතුණු අඛණ්ඩ අධ්‍යයන විද්‍යාලය, පුහුණු මධ්‍යස්ථානය, අන්තර් ජාල අධ්‍යයන විද්‍යාලය සහ ටොංවෙන් අධ්‍යයන වර්ධන පුහුණු මධ්‍යස්ථානය යන අංශ 4 ප්‍රතිසංවිධානයෙන් ආරම්භ කළ ආයතනයකි. එහි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ 115 දෙනෙක් සිටිති. ඒ අතර වෘත්තීය ගුරුවරුන් 26 දෙනෙකි. පරිපාලන සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව 20කි. බාහිර සේවක සේවිකාවෝ 69 දෙනෙක් සිටිති.

චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ අධ්‍යාපනය පිළිබඳ අරමුදල් කමිටුවට අයත් රාජ්‍ය සේවය සඳහා විදේශ සේවයේ නියුක්ත වන පුද්ගලයන්ගේ පුහුණු අංශය එම ආයතනයට අනුයුක්තය. චීන අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය ද මෙම විද්‍යාලයේ තිබේ. චීන විදේශ අධ්‍යාපනය පිළිබඳ සේවා මධ්‍යස්ථානයේ අවසරය හිමි පෞද්ගලික වියදමින් විදේශ අධ්‍යපානය ලබා ගැනීමට කැමති පුද්ගලයන්ගේ පුහුණු මූළස්ථානය ලෙස ද මෙම විද්‍යාලය හැඳින් වේ. මෙම විද්‍යාලයේ වැඩිහිටි උසස් අධ්‍යාපන පන්තිවලට වාර්ෂිකව සිසු සිසුවියන් 200 දෙනෙකු බඳවා ගැනේ. එහි අධ්‍යාපනය සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඔවුන්ට රැකියා අවස්ථා සලසා දී ඇති ඒකකවල සහ ආයතනවල ඉහල ප්‍රසංසාවට ලක් ව ඇත. මෙම විද්‍යාල‍ෙය් පවත්නා අන්තර් ජාල අධ්‍යයනය චීනයේ අන්තර් ජාල විදේශ භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රකට සංකේතයක් ලෙස සැලකේ. ඉංග්‍රීසි භාෂා විෂය ද ඇතුලත් ව ව්‍යාපාර පරිපාලනය, ගණකාධිකරණය, මුල්‍ය සේවය, ‍ඉලෙක්ට්‍රොනික් ව්‍යාපාරය, තොරතුරු පරිපාලනය සහ තොරතුරු තාක්ෂණය, ජාත්‍යන්තර ආර්ථිකය සහ වෙළෙඳාම යන විෂය ධාරා 7ක් අධ්‍යයනය කිරීමට මෙම විද්‍යාලය ඉඩකඩ සලසා දෙයි. දැනට මෙහි සමස්ත සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 45000 පමණය. මෙම විද්‍යාලය, චීන පොලිස් දෙපාර්තමේන්තුව, චීන ආරක්ෂක දෙපාර්තමේන්තුව, චීන කාලගුණ දෙපාර්තමේන්තුව, චීන බැංකුව, චීනයේ ඉදි කිරීම් බැංකුව, චීන ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සමූහය, දකුණු චීන ගුවන් සේවා සමාගම යනාදි විශාල පරිමාණ රජයසතු අංශ සහ ව්‍යාපාර සමග දීර්ඝ කාලීනව ප්‍රවීණයන් බිහි කිරීම සම්බන්ධයෙන් සහයෝගතා පවත්වයි.

අන්තර් ජාල සහ අඛණ්ඩ අධ්‍යයන විද්‍යාලය සිදු කරන අධ්‍යයන කටයුතු නිල අධ්‍යාපන සහතික සහිත අධ්‍යාපනය සහ නිල අධ්‍යාපන සහතික රහිත අධ්‍යාපනය බවට බෙදා ඇත. මෙම විද්‍යාලය නිල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අනුපූරක ලෙස ක්‍රියාත්මක කෙරෙන ඵළදායික අධ්‍යයන අංශයකි. සමාජ යහපත මෙහි ක්‍රියාකාරිත්වයේ හැම විටම ප්‍රමුඛ ස්ථානයේ තබා ඇත. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය සමාජය වෙත විවෘත කරන සේවා කවුළුවක් ලෙස මෙම විද්‍යාලය හැඳින් වෙයි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC